කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ කඩුවෙල පිහිටි පෞද්ගලික නිවස වෙත අද පෙරවරුවේ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අවුරුදු නෑගම් ගියහ.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී නිවසේ ප්‍රධාන ගේට්ටුව වසා දමා තිබූ අතර, නිවස වටා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබීම විශේෂත්වයකි.
නිවස ඉදිරිපිට මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කළේ මහජන බදු මුදලින් නඩත්තු වන පොලිස් නිලධාරීන් පෞද්ගලික නිවසක ආරක්ෂාවට යෙදවීම මගින් පොලිසිය දේශපාලනීකරණය වී ඇති බවයි.
"මේක රජයේ දේපලක් නෙමෙයි, පෞද්ගලික නිවසක්. අද පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් මේ නිවස මුර කරනවා. මහජන බදු මුදල් මෙලෙස වැය කිරීම ගැන පොලිස් බලධාරීන් ලැජ්ජා විය යුතුයි" යැයි ඔහු පැවසීය.
ලාල් කාන්ත මහතාගේ වත්කම් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ බණ්ඩාර මහතා කියා සිටියේ, මීට වසර දහයකට පෙර තමන්ගේ දරුවන්ට ටියුෂන් යැවීමට පවා මුදල් නොමැති බව පැවසූ පුද්ගලයෙකු අද වන විට රුපියල් කෝටි 47ක වත්කම් සහිත බිලියනපතියෙකු වී ඇති බවයි.
ලාල් කාන්ත මහතා දැන් සමාජවාදියෙකු හෝ කම්කරු නායකයෙකු නොව, ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු බවට පත්ව ඇති බවත්, කඩුවෙල නගරයේ මෙවැනි සුපිරි මන්දිරයක් ඉදිකිරීමට මුදල් ලැබුණු ආකාරය ජනතාවට හෙළි කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මෙම සංචාරයේදී ඔවුන් ලාල් කාන්ත මහතා වෙනුවෙන් කෙසෙල් කැනක්, පොල්, හාල්, පැදුරු සහ බංකු කිහිපයක්ද තෑගි ලෙස රැගෙන විත් තිබිණි.
ලාල් කාන්ත මහතා මෙම මුදල් උපයා ගත්තේ අනුරාධපුර සහ පොළොන්නරුවේ වැව් තාවුල්වල හෝටල් හිමියන් බිය ගැන්වීමෙන්ද නැතහොත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට ලබා දීමෙන්ද යන්න පිළිබඳව සැකයක් පවතින බවද ඔහු පැවසීය.
අයථා ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති විමර්ශන කොමිසමක් මගින් පරීක්ෂණ පවත්වා ඒවා නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද සුගීශ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය

බුදු අම්මෝ අතේ සතේ නෑ කියපු එකාගෙ ගෙදර සයිස් එක.
ReplyDeleteLal never say that
DeleteHis children studies private universities
He is land owner.
විලිලැජ්ජැවේ පන යනවා. බේගල් කාරයෝ.
ReplyDeleteThis home is built before presidential election
DeleteThis will be the next officiall jvp office in near future
Nice house
ReplyDeleteThis is jvp propaganda
ReplyDeletePoor opposition can’t understand the mind game behind this concept