ඉරානය සමඟ පැය 21ක් පුරා පවත්වන ලද තීරණාත්මක සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බවත්, තම කණ්ඩායම පකිස්ථානයෙන් පිටත්ව යන බවත් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතා ඉරිදා ප්‍රකාශ කළේය.
න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකිරීම ඇතුළු ඇමරිකානු කොන්දේසි පිළිගැනීමට ඉරානය අසමත්වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳ වැටී ඇති බව වෑන්ස් මහතා සඳහන් කළේය.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උප ජනාධිපතිවරයා මෙසේ පැවසීය:
"නරක ආරංචිය නම් අප කිසිදු එකඟතාවයකට නොපැමිණීමයි. මෙය ඇමරිකා එක්සත් ජනපදයට වඩා ඉරානයට අහිතකර ලෙස බලපානු ඇතැයි මා විශ්වාස කරනවා. අපගේ රතු ඉරි (සීමාවන්) මොනවාදැයි අප පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අප නැවත ඇමරිකාව බලා පිටත්ව යනවා."
මෙම සාකච්ඡා වාරය අතරතුර තමා අවස්ථා හයකට වඩා වැඩි වාර ගණනක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව දශකයකට වැඩි කාලයකට පසු ඇමරිකාව සහ ඉරානය අතර පැවැති පළමු සෘජු හමුව වන අතර, එය 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු දෙරට අතර පැවැති ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව ලෙස සැලකේ.
දැනට පවතින සති දෙකක තාවකාලික සටන් විරාමය සහ ලෝක බලශක්ති සැපයුමෙන් 20%ක් හුවමාරු වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවල ප්‍රතිඵලය තීරණාත්මකව බලපානු ඇතැයි අපේක්ෂා කෙරිණි. යුද්ධය හේතුවෙන් ඉරානය විසින් මෙම මුහුදු සන්ධිය අවහිර කිරීම නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ අතර ඉරාන රජය 'X' පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සාකච්ඡා අවසන් වූ බවත්, දෙපාර්ශවයේ තාක්ෂණික විශේෂඥයන් ලේඛන හුවමාරු කරගනු ඇති බවත්ය. පවතින මතභේද මධ්‍යයේ වුවද සාකච්ඡා ඉදිරියට ගෙන යන බව ඔවුන් ප්‍රකාශ කළත්, ඊළඟ වාරය ආරම්භ වන දිනයක් පිළිබඳව සඳහන් කර නොමැත.
පකිස්ථාන මධ්‍යස්ථ පාර්ශවයන්ට අනුව, උප ජනාධිපති වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බකර් කලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ පැය දෙකක අවසන් සාකච්ඡාවක නිරත විය.
ඉරාන නියෝජිත පිරිස පසුගිය සිකුරාදා පැමිණියේ අභාවප්‍රාප්ත ඉහළම නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු යුද්ධයෙන් මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කරමින් කළු පැහැති වස්ත්‍රයෙන් සැරසීීීීීය. හමුදා කඳවුරක් අසල පාසලකට ඇමරිකානු හමුදා එල්ල කළ බව කියන ප්‍රහාරයකින් මියගිය සිසුන්ගේ සපත්තු සහ බෑග් ද ඔවුන් රැගෙන විත් තිබිණි. මෙම ප්‍රහාරය පිළිබඳ පෙන්ටගනය පරීක්ෂණ පවත්වන බව පවසන අතර, ඒ පිටුපස බොහෝ විට ඇමරිකාව සිටින බව හමුදා පරීක්ෂකයන් විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කාලකන්නි ට්‍රුම්ප් සහ නෙටන්යාහු නිසා කොච්චර අහිංසක මිනිස්සු දුක් විදිනවද. මෝඩ නමොලයා සහ ඌගෙ කාලකන්නි සනුහරේ Try කරන්නේ මේ යුද්දේ NPP ආණ්ඩුවේ ඇඟට පටවන්න
ReplyDeletePissu yakek.. Trumpta ahawal eka denne Saudi athulu Middle east eka.. unge airbase tiyenne ehe.. ME ma Trump ta support, tho magaulak liyanwa, pissu pusa..
Deletemu me palawaththe gubbayame dobiyek.
Delete