භික්‍ෂූව් තිස් නවදහස් හත්සියයකින් විනය විරෝධී වැඩ කරන්නේ කරන්නේ ඉතාමත් සුළු පිරිසක්...


තිස් නවදහස් හත්සියයක් (39,700) පමණ වන මෙරට සමස්ත භික්ෂු පිරිස අතරින් විනය විරෝධී සහ ශාසන විරෝධී ලෙස කටයුතු කරන්නේ ඉතාමත් සුළු පිරිසක් වුවද, එම පිරිසගේ ක්‍රියාකාරීත්වය ශාසනයේ පැවැත්මට අතිශයින්ම භයානක බව අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කරති.

පවතින තත්ත්වය පිළිබඳව මහජනතාවගෙන් කණගාටුව පළ කරන උන්වහන්සේ, ශාසනික විනය රැක ගැනීම සඳහා සංඝාධිකරණය නීතිගත කිරීමේ සහ එහි තීරණ රාජ්‍ය නීතිය මගින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙති.

සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ නීතිය, රාජ්‍ය නීතිය සහ සදාචාර නීතිය යන ත්‍රිවිධ නීති පද්ධතියකටම බැඳී සිටින බවයි.

එහෙත් වර්තමානයේ නිකාය නීති රීතිවලට අනුගත නොවන සහ වැඩිහිටි අවවාද ඉක්මවා යන භික්ෂූන්ට දඬුවම් දීමට සංඝාධිකරණයට බලයක් නොමැති වීම බරපතල ගැටලුවක් බව උන්වහන්සේ පවසති.

සංඝාධිකරණයෙන් ලබාදෙන තීරණ ක්‍රියාත්මක කිරීමේ බලය රජය විසින් පොලිසිය, උසාවිය හෝ පිස්කල් මගින් බලගැන්විය යුතු බව උන්වහන්සේගේ යෝජනාවයි.

මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් ලෙස 1931 විහාර දේවාලගම් පනතේ පවතින දුර්වලතා උන්වහන්සේ පෙන්වා දෙති. විශේෂයෙන්ම එහි 41 සහ 42 වගන්තිවලට අනුව භික්ෂූන් ලියාපදිංචි වීම අනිවාර්ය වුවද, එසේ නොවන අයට එරෙහිව කිසිදු නීතිමය දඬුවමක් පැනවීමට ප්‍රතිපාදන නොමැත.

මේ හේතුවෙන් ඕනෑම අයෙකුට සිවුරු දරාගෙන තම හිතුමතයට කටයුතු කිරීමට ඉඩ ලැබී ඇති බැවින්, වහාම එම වගන්ති සංශෝධනය කළ යුතු බව උන්වහන්සේ යෝජනා කරති.

මෑතකදී කටුනායක ප්‍රදේශයේදී භික්ෂු ප්‍රතිරූපකයන් 22ක් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම ශාසනික ප්‍රතිසංස්කරණයකට ලැබුණු "වෙස්වලාගත් ආශිර්වාදයක්" කරගත යුතු බව සෝභිත හිමියන් පවසති.

ඒ යටතේ විදේශගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් දැඩි නීති පැනවිය යුතු අතර, තායිලන්තය සහ සිංගප්පූරුව වැනි නිදහස් වීසා හිමි රටවලට යන විට පවා මහානායක හිමියන්ගේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති

6 Comments

  1. විනය තකා ගල් කැපීම අදාල නැත.

    ReplyDelete
  2. ඔය සිවුරු දාගෙන ඉන්න ජෙප්පෝ එලෙව්වේ නැත්නම් බුද්ධ ශාසනයට මඩ කන්න වෙනවා. කොහෙද... මහා නායකලට කොඳු නෑනේ.

    ReplyDelete
  3. ....ශාසනයේ පැවැත්මට අතිශයින්ම භයානක බව අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කරති.

    ඇයි ගෝඨා ගිය දවසෙ ඔබවහන්සේමනෙ කිව්වෙ අදින් පස්සෙ මේ රටේ බෞද්ධ බලය ඉවරයි කියල.

    ReplyDelete
  4. ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ ඕමල්පේ පියතුමා තමා.

    ReplyDelete
  5. සිංහල බෞද්ධ බලය ඉවරයි කියපු තමුසෙට මොකද දැන් හැදුන රුදාව?

    ReplyDelete
  6. කාඩිනල් සරණෝ ගච්චාමි

    ReplyDelete
Previous Post Next Post