මුදල් ලේකම්ගේ නිවස ආරක්‍ෂාවට STF බලඇණියක්..?


 මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සම්බන්ධ සිදුවීමක් මුල් කරගනිමින් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතාගේ ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින් පැවති විරෝධතාවයකින් පසු, ඔහුගේ නිවසට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි.

තලංගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බණ්ඩාර මහතා සඳහන් කළේ, හර්ෂණ සූරියපෙරුම මහතාගේ නිවස ආරක්ෂා කිරීම සඳහා අවිගත් විශේෂ කාර්ය බලකා (STF) සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බවයි. 

වත්මන් රජය නීතිය නවන බවට චෝදනා කළ ඔහු, මහජන ආරක්ෂාව වෙනුවට නිලධාරීන් ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගත බව ද ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයේදී තවත් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට ගොම ප්‍රහාරයක් එල්ල කළ අතර, එම ප්‍රහාරකයන් ප්‍රදේශවාසීන් නොව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ "මැර පිරිසක්" බව සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. 

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් තමන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පවසමින් විරෝධතාකරුවන්ට තර්ජනය කර ඇති බවද ඔහු අනාවරණය කළේය.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ සුගීෂ්වර බණ්ඩාර මහතා, මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට පැය 48ක සහනයක් ලබා දෙන බවත්, එසේ නොමැති වුවහොත් මෙම අසාධාරණයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දක්වා කරුණු වාර්තා කරන බවටත් අනතුරු ඇඟවීය.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා ද පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, විරෝධතාකරුවන් තමන්ට පරුෂ වචනයෙන් බැණ වැදී කීර්තිනාමයට හානි කළ බව එහි සඳහන් කර ඇත.

5 Comments

  1. ඒ පල්හොරාට කීර්තිනාමයක් තියෙනවද හානි කරන්ඩ?

    ReplyDelete
  2. ඒ ඇයි බන් හැම ජෙප්පෙක්ටම උන්ගේ මහ එවුන් කීර්ති කියලා නමක් ද දාලා තියෙන්නේ.මුන් හැම එකාම ගේම් දීලා ඒ ගැන කතා කරන කොට කීර්ති නාමේ නැති වුනා කියලා ලතෝනි දෙන්නේ.

    ReplyDelete
  3. ඔය කීර්ති නාමය 88-89 කාලේ ඉඳන් එන එකක් ද?අනේ මන්දා.

    ReplyDelete
  4. කිර්තිමත් හොරැ. කවරදාකවත් නොවු අයුරින් මුදල් අමාත්‍යංශයේ account එකෙ මුදල් හොරකම් කිරිමත් කිර්තිමත් හොරකමක් නේ.

    ReplyDelete
  5. පල් හොරුන්ට කිඋර්ති නාමය. මුන් රටේ මිනිස්සු බඩ ගින්නෙ තියල හොදට සැප ගන්නවා. ගොවියෝ තාමත් අඩනවා.

    ReplyDelete
Previous Post Next Post