භාණ්ඩාගාර වංචාවට හැකර ගිණුම් අංකය ඇතුළු කල නිළධාරින්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

 


මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් නිසි අවසරයකින් තොරව වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

මේ පිළිබඳව කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව, භාණ්ඩාගාරයේ නිලධාරීන් දෙදෙනකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

අදාළ මුදල් බැර කළ ගිණුම් අංකයේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබියදීත්, ඒ පිළිබඳව නිසි සොයා බැලීමකින් තොරව ගනුදෙනුව සිදු කිරීම කෙරෙහි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

අංකයේ පවතින වෙනස පිළිබඳව අදාළ නිලධාරියා 'ඔන්ලයින්' (Online) තාක්ෂණය ඔස්සේ හෝ අදාළ පාර්ශවයන්ගෙන් විමසීමක් කර තිබේද යන්න මූලිකවම පරීක්ෂාවට ලක් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සිදු කර ඇති විමර්ශනවලට අනුව, මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් දෙදෙනකු කඩිනමින් පොලිස් භාරයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

1 Comments

  1. සාමාන්‍ය ජනතාව වන අපිට මොන තරම් නම් වංචාකරුවන්ගෙන් email එනවද,
    විවිධ කරුණු සඳහා මෙපමණ මුදලක් අය වීමට තිබෙනවා වහාම එය බැර කරන්න කියල හෝ ඔබට හිමිවී ඇති ඇති විශාල ත්‍යාග මුදල ලබා ගැනීම සඳහා මූලික ගෙවීමක් ලෙස ඩොලර් මෙපමණ ප්‍රමාණයක් ගෙවන්න කියල.
    ඇතැම් වංචාකරුවන් නීතීඥයන් ලෙස පෙනී සිටිමින් මුදල් ගෙවන්න කියනවා.
    ඒත් සාමාන්‍ය ජනතාව වෙලත් අපි එවැනි වංචා කරුවන්ට අහුවෙලා ගොන්නු වගේ මුදල් ගෙවන්නෙ නැහැ.
    අහුවෙන මැට්ටොත් ඇති හැබැයි වෙච්ච පාඩුව දරාගන්නේ වංචාවට අහුඋන කෙනා.
    මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ බලධාරීන් සහ නිලධාරීන් අමුම අමු ගොන් මැට්ටන් විය යුතුයි මේ වගේ scam එකකට අහු උනා නම්. ගෙවන ලද ජනතා මුදල් ඔවුන්ගෙන් අය කරගත යුතුයි.

    ReplyDelete
Previous Post Next Post