භාණ්ඩාගාර සොරකම නිලධාරින්ගේ වරදක් නැත්නම් සිස්ටම් අවුලක් වෙන්න පුළුවන්.. ඒත් මාලිමාණ්ඩුවේ කිසිවෙක් සම්බන්ධ නෑ..

 


භාණ්ඩාගාර මුදල් සම්බන්ධයෙන් හෝ රටට පාඩුවක් සිදුවන ඕනෑම අවස්ථාවක එහි සම්පූර්ණ වගකීම රජය භාර ගන්නා නමුත්, එවැනි සිදුවීම් සඳහා වත්මන් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් හෝ අනුබල දීමක් සිදුව නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනටමත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵල කඩිනමින් බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය. 

මෙම තත්ත්වය ඇතැම් විට පද්ධතියේ පවතින දෝෂයක් (System error) හෝ යම් නිලධාරියෙකු අතින් සිදු වූ වරදක් නිසා සිදුවන්නට ඇති බවට සැක කරන බවත්, සත්‍ය තොරතුරු එම පර්යේෂණ හරහා අනාවරණය වනු ඇති බවත් ඔහු පැවසීය.

මීට පෙර පැවති රජයන් සමයේ මෙවැනි වංචා හෝ පාඩු සිදුවූ අවස්ථාවල නිසි පරීක්ෂණ සිදු නොවීම හේතුවෙන්, ඒ පිටුපස දේශපාලනඥයන් සිටින බවට ජනතාව තුළ සැකයක් මතු වූ බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, තම රජය සැමවිටම විනිවිදභාවයකින් කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළේය.

"අපි මේ දේක අවුල්කරුවන් වෙන්නේ නැහැ. හොරකමක් කිරීම සඳහා අනුබල දීමකින් මේවා සිද්ධ වුණා කියලා අපි සලකන්නේ නැහැ," යැයි පවසන අබේසිංහ මහතා, ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම තුළින් තම දේශපාලන ව්‍යාපාරයේ සුචරිතභාවය සහ වංචා දූෂණ වළක්වන බවට ලබාදුන් පොරොන්දුව මහජනතාව ඉදිරියේ තහවුරු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

තම රජයට තවදුරටත් දීර්ඝ කාලයක් ඉතිරිව පවතින බවත්, ජනතාව අපේක්ෂා කළ වෙනස වෙනුවෙන් රජය ශක්තිමත්ව පෙනී සිටින බවත් ඔහු අවධාරණය කළේය

2 Comments

  1. තොපි ලෝක හොරු. පච කියල ඇවිත් දැන් හොරා කන්වා .මුන්ගෙ මේ කැත කටවල් මිනිස්සු ඉක්මනටම වහන්න ඕන.කාල්කන්නි පල් ජොරු.

    ReplyDelete
  2. api kalinma kiuwa me aanduwa yatathe niladarinta pudiya kanna wenawa kiyala...dan me karagena yane eka thama..bandanagara komasarista kaleth oka thama..niladarinta nidahas manasin job eka karanna dennena hora jeppo.

    ReplyDelete
Previous Post Next Post