භාණ්ඩාගාර කොල්ලයට මා අස්විය යුතු නෑ.. පහල නිලධාරින් පිරිසකගේ වැඩ තහනම් කලා..- මුදල් ලේකම්

 


මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද, මේ මොහොතේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරැම මහතා ප්‍රකාශ කරයි.

එම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඉල්ලා අස්වීමේ අවශ්‍යතාව තීරණය කළ හැක්කේ එම පරීක්ෂණවල ඉදිරි ප්‍රගතිය මත පබවත් හෙතෙම සඳහන් කළේය.

මහා භාණ්ඩාගාරය වෙත එල්ල වන මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සහගත සිදුවීම් සම්බන්ධයෙන් ලේකම්වරයා වශයෙන් ඔහු වගකිව යුතු නොවේද සහ ඒ සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම වංචාව සම්බන්ධයෙන් පහළ මට්ටමේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පදනම් වූ කරුණු සහ ඔවුන්ට එල්ල වී ඇති නිශ්චිත චෝදනා මොනවාදැයි මෙහිදී මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ලේකම්වරයා සඳහන් කළේ, අදාළ පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, ඒවාට බාධාවක් විය හැකි හෙයින් එම තොරතුරු මේ මොහොතේ හෙළි කළ නොහැකි බවයි.

10 Comments

  1. නැතුව නැතුව , අපේ කුමාරය එහෙම කලේ ඇය අනේ

    උබ කන අස්සන් ගහන එකද කරන්නේ

    ReplyDelete
  2. මු දල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වගකීම භාර ගනී

    ReplyDelete
  3. ඔයා ඕකෙන් අස් උනොත් ඔයාට කරන්න රස්සාවක් නෑ නේද? ඕට්‍රේලියාවේ ගිහින් රස්සාවක් නැති හින්දා ආයෙත් ඇවිත් රස්තියාදු වෙවී ඉද්දී මාලිමාවට බැදුනා. දැන් භාන්ඩාගාර ලොක්කා.

    ReplyDelete
  4. හොරා කාලා ජීවත් වෙනවා. ලැජ්ජයි

    ReplyDelete
  5. ගෙවල්වල තියෙන පොඩි එවුන්ගේ කැට ටික පරිස්සම් කර ගනිල්ලා.මහ එවුන් ගහන ගානට ගමේ ජෙප්පො ඕවටත් විදින්න බැරි නැහැ.

    ReplyDelete
  6. හර්සන පකයො, තොට ඕක කොරන්න බෑ. ඕක දීපන් ළමයෙකුට

    ReplyDelete
  7. මු කරලා තියෙන්නෙ පක මහලා ඛඩ යන්න ඛෙහෙත් දුන්නා වගේ වැඩක්.

    ReplyDelete
  8. එතකොට ඊ ජී එන් කියන ව්‍යාපෘතියට නාස්තිකරපු මුදල් මේ වාගේ කී ගුණයක්ද? දැන් නැවතත් මේ ආණ්ඩුවත් එක්ක ඩිජිටල්ට් වලට වෙලා ඉන්නනේ ඒ කැළණියේම අය නේද? කෝ පරීක්ෂණ

    ReplyDelete
  9. Anthimata 1948 indala karapu naya geveem pareeksha karanna poorna balathi janadipathi komisamak nodammoth thamai pudume.

    ReplyDelete
  10. මේක බලල හරි තම තමන් දියුණු වෙන්න බලපල්ලා
    https://youtube.com/shorts/sXEmlrA70II?si=9Wy0mQcYxaILTxQ1

    ReplyDelete
Previous Post Next Post