වාහන අංකය වෙනුවට තමන්ගේ නම..

වාහන අංක තහඩු සඳහා දැනට භාවිත වන ඉංග්‍රීසි අකුරු වෙනුවට අදාළ පුද්ගලයාගේ නම සඳහන් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා මේ පිළිබඳව දැනුම් දෙන ලදී.

ලෝකයේ බොහෝ රටවල දැනටමත් මෙවැනි ක්‍රමවේදයන් සාර්ථකව ක්‍රියාත්මක වේ.

ඉදිරියෙන් ඇති විශේෂිත අංක (අංක ලක්ෂයකට වඩා අඩු) ලබාදීම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 118 ක පමණ ආදායමක් උපයා ඇත.

එවැනි විශේෂිත අංකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් අය කරනු ලැබේ.

පසුගිය වසර තුනක කාලය පුරා මෙම මුදල් අය කිරීම් සිදු කර ඇත්තේ නිල ගැසට් නිවේදනයකින් තොරව වුවද, විශේෂිත අංක ලබාදීම සඳහා මුදල් අය කිරීමේ වැඩපිළිවෙළට පාර්ලිමේන්තු මුදල් කාරක සභාව මේ වන විට අනුමැතිය ලබා දී ඇත

7 Comments

  1. පිස්සන් කොටුවක් මේ ආන්ඩුව. ඉක්මන එලෙව්වෙ නැත්නම් රටේ දරුවන්ගෙ මොල සේදිලා මේවා සාමාන්‍යකරනය වෙනවා හරියට මේ ජවිපා ආන්ඩුවේ බොරු ව්ලට රැවටුනා වගේ

    ReplyDelete
    Replies
    1. USA , UK walat thiyenawa

      Oka ahuwe harsha de silva

      Jeppo newe 😂😂😂


      Ubalata theri dara bayyo kiyanne nikanda gon hetta

      Delete
    2. USA , UK walat thiyenawa

      KIYUBAWE nadda

      Delete
    3. සරත්ල ඔක්කොටම එකවගේ තහඩ

      Delete
  2. Pisso thama mun ekewa danne oni godac welwata president ain wei

    ReplyDelete
  3. කවුද අනේ මේ ගොල්ලොන්ට මේවගේ ලනු දෙන්නේ.

    ReplyDelete
  4. මේ නම් ටික දැනටමත් වෙන් කරලද? PACHORIS, KADUWELA MALIGAWA, UGANDA, GOLDEN PEPPER, KOTAHALU PIYA.

    ReplyDelete
Previous Post Next Post