ගෑස් මිල මෙතරම් වැඩි කරන්න වුනේ රට තුල ගෑස් ගබඩා මදි නිසා..


ලෝක වෙළෙඳපොළේ දියර පෙට්‍රෝලියම් ගෑස් (LPG) මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට දේශීය ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට සිදුව ඇතැයි කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

සෞදි අරාම්කෝ මිල දර්ශකයට සාපේක්ෂව ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම මෙම දේශීය මිල සංශෝධනයට ප්‍රධාන හේතුව බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

කෙසේ වෙතත්, මිල සංශෝධනය වුවද වත්මන් ආනයන ක්‍රමවේදය යටතේ මෙරට ගෑස් සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවට ඔහු සහතික විය.

රජයේ නව ටෙන්ඩර් පටිපාටිය යටතේ මින් පෙර මැදපෙරදිග සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ගෑස් සැපයුම වෙනුවට දැන් ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් (80%) සහ දකුණු අප්‍රිකාවෙන් (20%) ගෑස් ආනයනය කරනු ලබයි.

මෙරට පවතින සීමිත ගබඩා ධාරිතාව හේතුවෙන් ආනයනික සහ මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ලංකාව තුළ ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම නිසා ආනයනය කරන ගෑස් තාවකාලිකව මාලදිවයිනේ ගබඩා කර, පසුව දින තුනකට වරක් කුඩා නෞකා මගින් මෙරටට ප්‍රවාහනය කිරීමට සිදුව ඇත. 

මෙම සංකීර්ණ සැපයුම් දාමය සඳහා වන අමතර පිරිවැය ද මිල ඉහළ යාමට තවත් බලපෑමක් වී තිබේ.

මිල ඉහළ ගියද සැපයුම් ජාලය ස්ථාවරව පවතින බව අවධාරණය කළ බලධාරීන්, අනාගතයේදී මෙවැනි අමතර පිරිවැය අවම කර ස්ථාවර සැපයුමක් සහතික කිරීම සඳහා මෙරට තුළම ස්ථිර ගබඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

7 Comments

  1. ඈ බං යටත් විජිතයෝ එතකොට මීට ඉස්සර ගෑස් අඩුවට දුන්නෙ ඇතිතරම් ගෑස් ගබඩා තිබිලද?

    ReplyDelete
  2. ඇමරිකා ඉරාන යුද්ධය ඉවරයි! Both parties have agreed to a ceasefire.

    ReplyDelete
    Replies
    1. suran kala hamarai

      Delete
    2. Hooray! No need to increase electrycity bills. Fuel prices will come down including gas prices. The Dollar will stabilise below 300. Lower cost of living.WOW!

      Delete
  3. Cant these incapable bastards stop whinging?

    ReplyDelete
  4. Go home that’s the only remedy for this බිග් කුච්චන්

    ReplyDelete
  5. ඇමෙරිකාවෙන් ගේනකොට දුර වැඩි නැද්ද ප්‍රවාහන ගාස්තුව වැඩි නැද්ද.මීට ඉස්සෙල්ලා ගෑස් නිෂ්පාදනය කරන රාජ්‍ය සමාගම වෙනුවට බ්‍රෝකර් කෙනෙක්ගෙන් ගෑස් ගන්නෙ තොපිට කොමිස් එක තියාගන්න නේද.අඩු ගානට ගත්ත ගෑස් නැව හාබර් එකට එනකොට ගණන් වැඩි කළේ තෙල් වලින් වගේම ගෑස් වලිනුත් මිනිස්සුන්ගේ පොකට් එක හූරගෙන කන්න නේද.එක නැවක මෙට්‍රික් ටොන් තුන්දහස් නවසීයයි ඒක දවස් තුනකට..මාසෙකට ආසන්න කාලයකට ගෑස් ගබඩා කරන්න පුළුවන් නැව් දහයකට ආසන්න ප්‍රමාණයක් ලෝඩ් කරන්න පුළුවන් හම්බන්තොට වරායේ මෙට්‍රික් ටොන් තිස් දාහක ටර්මිනල් එකක් තියාගෙන ගබඩා කරන්න පහසුකම් නෑ කියල පච කිය කිය ලබ්බක් කතා කරනවද

    ReplyDelete
Previous Post Next Post