ඇමරිකාවේ ආයුද හිගවේ.. වෙනත් රටවලට අවි ලබා දීම නවතයි..


ඉරානය සමඟ යුද්ධය හේතුවෙන් යුරෝපීය රටවල් කිහිපයකට ලබාදීමට නියමිතව තිබූ අවි ආයුධ සැපයුම් ප්‍රමාද කිරීමට ඇමරිකාව තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි
.

බෝල්ටික් කලාපයේ සහ ස්කැන්ඩිනේවියානු රටවල් කිහිපයකට මෙම අවි සැපයුම් ප්‍රමාදය බලපානු ඇත. මෙලෙස බලපෑමට ලක්වන සමහර රටවල් රුසියාව සමඟ දේශසීමා බෙදාගන්නා බැවින්, මෙම ප්‍රමාදය ඔවුන්ගේ ආරක්ෂක සූදානමට බාධාවක් විය හැකි බවට එම රටවල් චෝදනා කරයි.

පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඉරාන යුද්ධය සඳහා මැදපෙරදිග කලාපයට වැඩි වශයෙන් අවි ආයුධ අවශ්‍ය වීම නිසා ඇමරිකානු අවි ගබඩාවල හිඟයක් ඇති වී තිබීම මෙයට හේතුවයි.

ප්‍රමාද වන අවි ආයුධ අතර විවිධ වර්ගයේ පතොරම් සහ යුක්රේනය වැනි රටවල් බහුලව භාවිතා කරන 'පේට්‍රියට්' මිසයිල නාශක පද්ධති ද ඇතුළත් වේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් යුරෝපීය රටවලට දෝෂාරෝපණය කරමින් සිටී.

මීට අමතරව, 2022 රුසියානු-යුක්රේන යුද්ධය සහ 2023 ගාසා ගැටුම් හේතුවෙන් දැනටමත් ඇමරිකානු අවි තොග සැලකිය යුතු ලෙස අඩු වී තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.

මෙම ප්‍රමාදය හේතුවෙන් සමහර යුරෝපීය රටවල් දැන් යුරෝපය තුළම නිපදවන අවි පද්ධති කෙරෙහි අවධානය යොමු කිරීමට පෙළඹී ඇත

Previous Post Next Post