ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිම මානව හිමිකම් යයි..

 


රජය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති QR කේතය මත පදනම් වූ ඉන්ධන කෝටා ක්‍රමය සහ ඉන්ධන ළඟ තබා ගැනීම අපරාධයක් ලෙස සැලකීම මගින් මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2026 මාර්තු 15 වන දින සිට ක්‍රියාත්මක වන මෙම සීමිත ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය කිසිදු නිල නීතිමය ව්‍යුහයක් හෝ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් නොකරන ලද අත්තනෝමතික ක්‍රියාවක් බවයි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති 12(1), 12(2), 14(1)() සහ 14(1)() යන වගන්ති යටතේ එන මූලික අයිතිවාසිකම් සෘජුවම කඩ කිරීමක් බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

ඉන්ධන නිකුත් කිරීමේදී වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම (ඔත්තේ/ඉරට්ටේ) සලකා බැලීම සහ වාහන වර්ගය මත පදනම්ව සීමා පැනවීම හේතුවෙන් දෛනිකව දීර්ඝ ගමන්වල යෙදෙන ජනතාව මෙන්ම Uber සහ PickMe වැනි සේවා සපයන්නන් ද දැඩි අසීරුතාවට පත්ව ඇති බව එහි පෙන්වා දී ඇත.

මීට අමතරව, මෝටර් වාහන නොවන එහෙත් ඉන්ධන මගින් ක්‍රියාත්මක වන උපකරණ (විදුලි ජනන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර ආදිය) භාවිතා කරන ජනතාවට ඉන්ධන ලබාගැනීමේ නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම හරහා ඔවුන්ගේ ජීවනෝපාය අයිතියට ද බාධා එල්ල වී ඇති බව පැමිණිලිකරු පවසයි.

මෙම අනීතික ක්‍රියා පටිපාටිය හේතුවෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන ආකාරය පැහැදිලි කරමින් පැමිණිලිකරු පෙන්වා දෙන්නේ, තණකොළ කපන යන්ත්‍රයක් සඳහා පෙට්‍රල් ලීටර් 4ක් ළඟ තබා ගත් පුද්ගලයෙකුට දින 21ක සිර දඬුවමක් නියම වූ පුවත් වාර්තා වී ඇති බවයි. මෙය රජය විසින් ජනතාව නොදැනුවත්වම මූලික අයිතිවාසිකම් සංහාරයක් වෙත තල්ලු කිරීමක් බව ඔහු චෝදනා කරයි.

මෙම පැමිණිල්ල මගින් මෙම ඉන්ධන කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ නිකුත් කිරීම, අදාළ ක්‍රියාවලිය නීති විරෝධී බවට ප්‍රකාශ කිරීම, මූලික අයිතිවාසිකම් කඩ කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීම් සිදු කර ඇත.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, ICTA සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

10 Comments

  1. එක නම් ඇත්ත

    ReplyDelete
  2. එක නම් ඇත්ත

    ReplyDelete
  3. Pissu nathnum hoda

    ReplyDelete
  4. හැදුනුම්පත් දෙන තැන අවුල අයි ටී දන්නවා පෙන්වන ලොක්කා නිසා නොවේ කියලා හිතෙන්නේ මට විතරද? මෙතනට අයිටී දන්න පොරක් දාන්න බැරිද?

    ReplyDelete
  5. බෙල්ලටත් උඩින් ණය වෙලා බංකොලොත් වෙලා ඉන්න අපේ තියෙන ඩොලර් ටික තෙල් වලට දුන්නාම ඇට දෙකෙන් තමයි යන්න වෙන්නෙ.

    ReplyDelete
  6. $286 ට තෙල් ගන්න තරම් අපි පෝසත්. ඉතින් QR වැඩක්ම නෑ.

    ReplyDelete
  7. අර කතාවක් තියෙනවා නිවට කරනවැමිය දැක්කම එළුවත් නිකට පානව කියල. ඒක තමයි දැන් මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ. තෙල් දුන්නත් බනිනව, නැතත් බනිනවා, රජයක වගකීම තමයි මෙවැනි අවස්ථාවක පාලනය කරල කටයුතු කිරීම.ඒකටත් කොක්ක දානවනම්. කුහක කම් පිරිනු මිනිස්සු ඉන්න රටක් බව කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. ජෙප්පො විපක්ෂයේ ඉඳිද්දී ජනතාවට පුරුදු කළ දේවල් තමා උන් පාලකයෝ උනාමත් ජනතාව කරන්නේ. උඹලා ගෝටා එළවපු විදිහට ගෙදර යන්න සූදානම් නැති උද්දච්ච හැත්තක් නිසා හොඳවයින් කාලාම බලය අතහරියි. හැබැයි මේ කියන්නේ සජිත්, රනිල්, නාමල් බලයට ගේනවා කියන එක නොවේ. ආණ්ඩුවේ අසාධාරණයට, පීඩනයට ජනතාව ප්‍රතික්‍රියා දක්වනවා කියන එකයි.

      Delete
    2. ජෙප්පො විපක්ෂයේ ඉඳිද්දී ජනතාවට පුරුදු කළ දේවල් තමා උන් පාලකයෝ උනාමත් ජනතාව කරන්නේ. උඹලා ගෝටා එළවපු විදිහට ගෙදර යන්න සූදානම් නැති උද්දච්ච හැත්තක් නිසා හොඳවයින් කාලාම බලය අතහරියි. හැබැයි මේ කියන්නේ සජිත්, රනිල්, නාමල් බලයට ගේනවා කියන එක නොවේ. ආණ්ඩුවේ අසාධාරණයට, පීඩනයට ජනතාව ප්‍රතික්‍රියා දක්වනවා කියන එකයි.

      Delete
  8. කයියනායක ප්‍රමුඛ ආණ්ඩුව පැත්තකින් තියමු. කලින් කිව්වෙ කොහොමද දැන් කරනෙ කොහොමද එකත් පැත්තකට තියමු.
    ල0කාව කියන දූපත, ඉන්ධන ආනයනය කිරිමට, ඩොලර් වැයකලයුතුයි. දැනට ලොකෙ පවතින යුද්ධමය තත්වයත් එක්ක ඉන්දන මිල ඉහළ යාමෙ ප්‍රවනතාවයක් තියෙනවා. ඒත් සමගම රටෙ ඉන්ධන මිල වැඩි කරාවී කියන දෙයත් එක්ක සහ ඉන්ධන හිගයක් එවී කියන ප්‍රශ්නයත් එක්ක, මිනිසු පුලුවන් තරම් ඉන්ධන එකතු කරන්න පටන් ගත්ත.. මුලදි තිබුනු පොලිම් ගැන හිතුවොත් තුන් රිය සක පොලිමට එනවා, තෙල් අදිනවා ආපහු පොලිමට එනවා. ඇත්තටම තෙල් අවශ්ය කෙනෙක්ට එතකොට තෙල් ලබා ගැනීමට නොහැකිවෙනවා. සහ ශෙඩ් වල සීමාව ඉක්මවා නිකුත් කිරිම නිසා තෙල් ගිහයක් ඇති වෙනවා. මෙ ටික නතර කිරිමට කූටා ක්‍රමයක් ( සලාක කිව්වත් කමක් නැ ) ගේන්නම වෙනවා. ඒකට් අඔත්තෙ ඉරට්ටෙ කියල දැමීම තවත් වැඩෙ ලේසි කරනවා. තනකොළ මැශිමකට දවසකට ලීටර් කීයක් ඔනිද.. පැය 8ක්ම වැඩ කරන්න ලීටර් 4ක් ඇති. . පික්මි උබර් වගෙ ආයතන හරහා වෙනම තෙල් බෙදා දීමට ක්‍රමයක් ගේන්න පුලුවන් අවශ්යමනම්. නමුත් තෙල් ප්‍රමාණය සහ දුවන කිලොමිටර් ගනන ආදායම වගෙ දේවල් සලකල බලල තව වැඩි කරන්න පුලුවන්, ප්‍රශ්නය තියෙන්නෙ මිනිස්සුන්ගෙ අනවශ්ය කලබලය එකතු කිරිම නිසා සියල්ලන්ටම පොලිම් වල සිටිමට සිදුවීම. මෙක පාලනයට මේ කරන ක්‍රමය හොදයි. ජෙනරෙටර් දුවනවා කියන එකත් ඒ ඒ විදියට අව්ශ්‍ය තාවය අනුව බලන්න පුලුවන්. ඒ වගේම් ඒ ඒ අයට ටින් අ0කය හරහ ආදායම් බදු ගෙවනවාද කියන එකත් බලන්න පුලුවන් නම් හොදයි.

    මෙතන මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කිව්වාට, එක කොට්ටසයක් මගින් පොලිම් වල සිට තෙල් එකතු කිරිම නිසා තවත් කොට්ටාසයක තෙල් ලබාගැනීමෙ හැකියාව නැති වෙනවා. ඊට අමතරව තෙල් සැපයිම සීමා සහිතනම්, පාරිභොජනයද සීමා කිරිමට සිදුවෙනවා. මෙතන කවුරු මොනවා කිව්වාත්, රටෙතියෙන සීමිත සම්පත් ප්‍රයොජනයට ගැනීම සියලුම දෙනාගෙ වගකීමක්.
    කොටාවට ලැබෙන තෙල් ටික ටැ0කියක තියා ගැනිම නම් ප්‍රශ්නයක් විදියට දකින්නෙ නැ. බයිසිකලයක් සහ කාර් එකක් තියෙන මනුස්සයෙක්ට, කාර් එකෙ තෙල් ටික බයික් එකට දාගෙන හරි තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු කිරිමට හැකිවිය යුතුයි. එවගෙම තනකොල කපන මැශින් එකට ගන්න විදියක් නැති නිසා, බයික් එකට දෙන තෙල් ටිකක් ඒකට දාගන්න හරි අවස්තාව තිබිය යුතුයි.

    ReplyDelete
Previous Post Next Post