ඉරානයට එරෙහිව පකිස්තාන ප‍්‍රහාරක යානා සෞදි අරාබියේ ස්ථානගත කරයි..


සෞදි අරාබියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මිලිටරි සම්බන්ධීකරණය ඉහළ නැංවීම සඳහා පකිස්ථානය විසින් එරටට ප්‍රහාරක යානා සහ සන්නද්ධ හමුදා භට පිරිස් යවා තිබේ
.

පකිස්ථාන හමුදා නිලධාරීන් සහ ප්‍රහාරක යානා පසුගිය සෙනසුරාදා සෞදි අරාබියේ කිං අබ්දුල් අසීස් (ගුවන් හමුදා කඳවුර වෙත ළඟා වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙම හමුදාමය යෙදවීම මගින් දෙරට අතර මිලිටරි සම්බන්ධීකරණය සහ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමත්, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහාය වීමත් අපේක්ෂා කෙරේ.

මෙය පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අනුව ක්‍රියාත්මක වූවකි. එම ගිවිසුමට අනුව, දෙරටින් ඕනෑම රටකට එල්ල වන ප්‍රහාරයක් අනෙක් රටට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට දෙරටම එකඟ වී තිබේ.

පසුගියදා සෞදි අරාබියේ බලශක්ති යටිතල පද්ධති ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අනතුරුව මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරවලින් සෞදි ජාතිකයෙකු ද ජීවිතක්ෂයට පත් විය. පකිස්ථානය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇති අතර, එය කලාපීය සාමය පළුදු කරන "භයානක උත්සන්න කිරීමක්" ලෙස හඳුන්වා දී ඇත.

මේ අතර, පකිස්ථානය සිය විදේශීය ණය පියවීම් සඳහා සෞදි අරාබියෙන් සහ දෝහා වෙතින් ඩොලර් බිලියන 5ක පමණ මූල්‍ය ආධාර ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව වාර්තා වේ.

විශේෂයෙන්ම එළඹෙන අප්‍රේල් 23 වනදා වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 3.5ක ණය මුදල පියවීම සඳහා ඉස්ලාමාබාද් රජය සෞදි අරාබියේ සහාය බලාපොරොත්තු වේ. මීට අමතරව තෙල් මූල්‍ය පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වාර්තා වේ

2 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 14, 2026 at 1:23 AM

    ඒකට ලංකාවේ අපතයි. ගිහින් ඇමරිකාවට ගහන්ඩ පුළුවන් නම් ගහනව. අවුරුදු හින්ද ගහන් නැත්තෙ.

    ReplyDelete
  2. මෙම වාර්තාවේ වැදගත් කොටස් ලෙස පෙනෙන්නේ "පකිස්ථානය සිය විදේශීය ණය පියවීම් සඳහා සෞදි අරාබියෙන් සහ දෝහා වෙතින් ඩොලර් බිලියන 5ක පමණ මූල්‍ය ආධාර ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව" සහ "එළඹෙන අප්‍රේල් 23 වනදා වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙවීමට ඇති ඩොලර් බිලියන 3.5ක ණය මුදල පියවීම සඳහා ඉස්ලාමාබාද් රජය සෞදි අරාබියේ සහාය බලාපොරොත්තු වන බව" විය යුතුය.

    ReplyDelete
Previous Post Next Post