සෙව්වන්දිගෙ උපන් දිනේට කේක් කපන්න හැදුවා.. ඒක නැවැත්තුවා..- පොලිසිය


කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මත සිටින සැකකාරියකගේ උපන් දිනය වෙනුවෙන් එම කොට්ඨාසය තුළ කේක් කපා සාදයක් පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ස්ථානාධිපතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය

-----------------------------------

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේදී පසුගිය දිනක වාර්තා වූ සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම.

2026.03.29 වන දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මතරඳවා සිටින ඉෂාරා සෙව්වන්දි යන සැකකාරියගේ උපන් දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේදී කේක් කපා සාදයක් පැවැත්වූ බවට මේ දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ පුවතක් සංසරණය වෙමින් පවතී.

කොළඹ අපරාධ කොට්ඨාසයේදී සිදුවූ බව කියන මෙම සිද්ධියට අදාලව සත්‍ය නොවන කරුණුද සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීම නිරීක්ෂණය වන බැවින් මේ පිළිබඳව සත්‍ය තත්ත්වය සම්බන්ධ වාර්තාවක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතින් කැඳවීමට කටයුතු කරන ලද අතර එම වාර්තාවට අනුව පහත පරිදි කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරනු ලැබේ.

ඉහත නම් සඳහන් සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින කේක් කැපීමේ සැලසුමක් ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තොරතුරක් ලැබී තිබූ බවත්, ඒ අනුව මෙම ක්‍රියාව වැළැක්වීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තා කර ඇත.

පසුව සිදු කරන ලද විමර්ශනයට අනුව මූලික පියවරක් වශයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා පොලිස්පතිතුමාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර ඇත.

පොලිස් නිලධාරීන් සෑම විටම තම වෘත්තීමය ආචාරධම පිළිපැදීමට කටයුතු කලයුතුව තිබියදී මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් අවිධිමත් ලෙස ක්‍රියා කිරීම හා නීත්‍යානුකූල නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ පොලිස්පතිතුමන්ගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

5 Comments

  1. බොරුවට කුඩු කාරයො අල්ලනවා කියල ස්ංදර්ශ්න. මුන් හිරේ ඉන්නෙත් ගෙදර ඉන්නවා වගේ සතුටින්. කොස් ගෙඩියක් කඩපු මනුස්සයා හිරේ දහ දුක්න්විදිනවා. මරු නීතිය.

    ReplyDelete
    Replies
    1. සෙව්වන්දිව අගමැති කරත් අපි මාලිමාවට

      Delete
  2. මුන් ඔක්කොටම පලල් කරල අල්ලන්න ඇති Uniform එකත් අමතක වෙන්න.. 🤣🤣🤣🤣

    ReplyDelete
  3. කේක් කපලා පාටිය දාලා වැඩේ චාටර් උනහම කේක් කපන්න යන එක නතර කරාලු. මුනුත් ආණ්ඩුව එව්වෝ වගේම පට්ටපල් බොරු කියන්නෙ.මොකද කේක් කපන එක නතර කරන cctv තියෙනවා කියලද?.අනිත් එක විජේපාලන් කියනවා හුණ්ඩුව කිව්වලු මානුෂික හේතූන් මත කේක් කපන්න දෙන්න කියලා.එතකොට මේ කරල තියෙන්නේ හුණ්ඩු ජනාධිපතිගේ නියෝගයක් ක්‍රියාත්මක කරන එකට බාධා කරන එක. එහෙමනං බාධා කරපු නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ

    ReplyDelete
  4. පැණි වලට ඇබලයෝ ආසයි අප්පා, හා නැද්ද?

    ReplyDelete
Previous Post Next Post