ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සමස්ත විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති තීරණාත්මක විධායක කමිටු රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
වත්මන් පරිපාලනයේ නිල කාලය අවසන් වීමට තවත් මාස හතක කාලයක් ඉතිරිව තිබියදී, සමස්ත විධායක කමිටුවම මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි.
මෙම රැස්වීමේදී වත්මන් පරිපාලනය සම්බන්ධ අවසන් තීරණ කිහිපයක් සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
2019 වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත් වූ ශම්මි සිල්වා මහතා, වසර හතක කාලයක් තුළ අවස්ථා හතරකදී එම ධුරය හොබවා ඇත.
ඔහුගේ පාලන කාලය තුළ විවිධ චෝදනා එල්ල වූ අතර, 2023 වසරේදී එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව ඉවත් කර අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත්, එය දේශපාලන මැදිහත්වීමක් බව පවසමින් ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කළ අතර, පසුව ශම්මි සිල්වා මහතා ප්රමුඛ කමිටුව යළි බලය තහවුරු කර ගැනීමට සමත් විය.
මෙම ඉල්ලා අස්වීමට පෙර, මෑතකදී පැවැති ලෝක මලල ක්‍රීඩා රන් පදක්කම් ලාභී රුමේෂ් තරංග වෙනුවෙන් රුපියල් කෝටියක (මිලියන 10ක) මුදලක් ප්රදානය කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණි.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව අතුරු පාලක කමිටුවක් පත් කිරීමට නියමිතය.
මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ ක්‍රිකට් නව අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට වැඩි ඉඩකඩ ඇති බවය.
එමෙන්ම හිටපු හමුදාවතේ සරත් ෆොන්සේකා මහතාගේ නම ද මේ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් ඇති බවද දැනගන්නට තිබේ.

ඇයි රොෂාන් රණසිංහට දෙන්න බැරි,තමන්ගේ ඇමතිකමත් පූඡා කළ කෙනා මේ වෙනුවෙන් එයත් විරුද්ධ පක්ෂයේ එරාන් වගේම.ICC එකත් රොෂාන්ගේ අවංක කම හොඳටම දන්නවා.මේ බොරු ගහන්නේ අනුරත් බෝන් එගේන් මාෆියාවට අසුවෙලා හම්බන්තොට නෝනත් ඇතිනේ යටින් ඒකනේ ෆාදිලි මහත්තයා ගේන්නේ ICC එක කීවා කියා.
ReplyDeleteMekane bn. Uba hithena kenatama denna one kiyala ekak na ne
DeleteMekane bn ubata one kenate dennama one kiyala ekak na ne neda
Deleteඑරාන් වික්‍රමරත්න හොඳයි.
ReplyDeleteඑරාන් පාදිලියෙක් නිසා ICC එක එරාන් තෝරා ගැනිම අරුමයක්ද? කබලෙන් ලිපට වැටුනාට එහා.ක්‍රිකට් බෝඩ් එකේ ලොකුම ප්රශ්නය දූෂණයටත් වඩා බෝන් එගේන් කල්ලිය.
Deleteසංඝ ගේ වයිෆ් බෝන් අගේන්. ඒ වුණාට ගැහුවේ ඒ කාලේ පැලෙන්ඩ. බෝන් අගේන් ද, නෙවර් බෝන් අගේන් ද වැඩක් නෑ, ගහන්ඩ පුළුවන් වෙන්ඩ ඕන. ඉන්න වුන් ගහන්ඩ දන් නෑ (මේකේ කොටන අපිට වඩා දක්ශයි, ඒත් නැෂනල් ලෙවල් ස්කිල් එකක් නෑ අනික් නැෂනල් ටීම් එක්ක බලද්දි). ගහන්ඩ දන්න වෙන එකෙකුත් හොයා ගන්ඩ නෑ. ඕකට මල්වතු නායක හාමුදුරුවෝ දැම්මත් හැමදාම ඔච්චරයි.
Deleteගහන්ඩ පුළුවන් අය නම් `ඔය ඉන්නෙ අංර, බිමල්, වසන්ත, ලාල්, හඳුන්නෙත්ති, පුන්නක්සිරි
Deleteනොම්මර එකේ ඉන්ටනැෂනල් ලෙවල් ස්කිල් ගැහිලි කාරයෝ තමා
රිසව් එකේ විජ්ජාරතන, පෙසන්න සරසන හැකර්පෙරුම කක්කි සුදා එහෙමත් දාතෑකි
Fonsaka not suitable for any thing.... what he knows about Cricket
Deleteමැල්කම් රංජිත් පත් කරනු. දවසින් කිරිකට් විනාශ කරපු මහ මොලකරු හොයයි
ReplyDelete:-D කැකිල්ලේ රජුට කියනව ඊට හොඳයි.
Deleteකාල කාල හප කරලා දැන් අස් වෙනවා. ක්‍රිකට් විනාස කරපු පාහරය.
ReplyDeleteඑරාන් කියන්නෙ සත පහකට වැඩක් නැති මාලිමාවටම හරි යන පුස්සෙක්
ReplyDeletePonseka Epa
ReplyDeleteපොන්සේකට මොකක් හරි දීපල්ල. සෑහෙන්න හේදුව. ඊගාවට රංජන්ටත්.
ReplyDelete