ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි අවහිරතා සහ සම්බාධක නොතකා, ඇමරිකානු කළු ලැයිස්තුවට ඇතුළත් කර ඇති චීන තෙල් නැව් දෙකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බව නාවික දත්ත වාර්තා කරයි.
ලොව ප්‍රධානතම නාවික මංසන්ධියක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමරිකාව පියවර ගැනීමෙන් පසු, එම කලාපයෙන් පිටවීමට සමත් වූ පළමු සම්බාධක පැනවූ නෞකාව වන්නේ Rich Starry නෞකාවයි.
මෙම නෞකාව සහ එහි හිමිකාරීත්වය දරන 'Shanghai Xuanrun Shipping Co Ltd' සමාගම වෙත ඇමරිකාව සම්බාධක පනවා ඇත්තේ ඉරානය සමඟ ගනුදෙනු කිරීම හේතුවෙනි.
මෙම මධ්‍යම ප්‍රමාණයේ ටැංකි නෞකාව මෙට්‍රික් ටොන් 250,000ක මෙතනෝල් තොගයක් රැගෙන යමින් පවතින බව දත්ත පෙන්වා දෙයි.
නෞකාව චීන ජාතික කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හම්රියා වරායෙන් සිය භාණ්ඩ තොගය පටවාගෙන ඇත.
'රිච් ස්ටාරි' නෞකාව සමුද්‍ර සන්ධියෙන් පිටවෙද්දී, ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති තවත් නෞකාවක් වන Murlikishan එදිනම සමුද්‍ර සන්ධිය තුළට ඇතුළු වී තිබේ.
කලින් 'MKA' ලෙස හැඳින්වූ මෙම නෞකාව මීට පෙර රුසියානු සහ ඉරාන තෙල් ප්‍රවාහනය සඳහා දායක වී ඇති බව වාර්තා වේ. වත්මන් දත්තවලට අනුව, හිස්ව පවතින මෙම නෞකාව ලබන අප්‍රේල් 16 වන දින ඉන්ධන ලබා ගැනීමට නියමිතව ඇත.
LSEG, Marine Traffic සහ Kpler වැනි ජාත්‍යන්තර නාවික දත්ත විශ්ලේෂණ ආයතන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මෙම කරුණු අනාවරණය කර ඇත. මේ පිළිබඳව අදහස් විමසීමට චීන නැව් සමාගම සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය මෙතෙක් සාර්ථක වී නොමැත.

Yanna dhenne nathhte iranen ena evai iraneta yana evataine
ReplyDeleteපච කෙලින්ඩ එපා
ReplyDeletehttps://www.youtube.com/live/9sYn0mz2KDQ?si=DN7mPVC3CNgEze8z