ලබන මැයි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් ප්‍රකාශයට පත් කර ඇත.
කොමිෂන් සභාව ගනු ලැබූ තීරණයකට අනුව, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනතේ 96A වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර තිබේ.
2026 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මෝටර් රථ රක්ෂණ ව්‍යාපාරවල නියැලී සිටින සියලුම බලපත්‍රලාභී රක්ෂණකරුවන් තම රක්ෂණ ඔප්පුහිමියන් වෙත නිකුත් කළ යුත්තේ ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් පමණි.
2026 මැයි 01 වැනිදා සිට කිසිදු රක්ෂණ සමාගමක් විසින් මෝටර් රථ රක්ෂණය සඳහා භෞතික (Physical) කාඩ්පත් නිකුත් නොකළ යුතුය.
මෙම පියවර ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සමඟ සමගාමීව මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, පොලිස් පරීක්ෂණ ඇතුළු මහජන ආරක්ෂක කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නිවේදනය රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

Good
ReplyDeleteආදායම් බලපත්‍රය සහ දුම් පරීක්ෂණ වාර්තාවත් ඩිජිටල් කෙරුවා නම් කාර් එක ඇතුලෙ කාඩ් සහ කොල මොනවත් තියාගන්න අවශ්‍ය නැහැ. පොලිසියට පෝන් එක පෙන්නුවාම ඇති.
ReplyDeletePhone ඒකෙ බැටරීය බැස්ස වෙලාවට උඹට sorry තමයී smart Phone නැති අය ට මොකද වෙන්නේ? ලෙඩ දෙන phone එකක් නම් මොකද වෙන්නේ? මේ අර කලින් phone කොම්පැණියට වැඩ කරපු ලොක්කා තමුන්ගේ ගෙ company එකට වෙළදාම් වැඩි කරන්න කරන වැඩක් ද කොහෙද. ඇයි ඔයි හෑම බංබුවක් ම මේකෙ ඒබුවාම මෙක නැති උනොත් වැඩ නැති නම් මිනිස්සු අමාරුවෙ වැ ටෙ න ව නේද? මොන ගොං වැඩ ද මෙවා
DeleteThis is why they ask for biometric data, like fingerprints and eye scans.
Deleteso nothing need then
Yes, all who are using cars should have a mobile phone as well ...... am using an old car and do not use smart phone ............
ReplyDeleteහැම එකාටම කාර් නෑ බූරුවෝ.. හැම එකාටම smart phone ඇත්තෙත් නැහැ...
Deletethis is not a problem . the y can keep physical one. like qr
Deleteමෙම නිවේදනය රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. මෝඩ ගැණු ලොකු පුටුවල ලැග්ගම මෙහෙම මෝඩ තීරණ ගන්නවා.. ආණ්ඩුව තමයි මේවයින් නෝන්ඩි වෙන්නෙ
ReplyDeleteare you sure ?
Delete