පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.
"මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපටය අසන විට ධම්මික පෙරේරාට හදිසි ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සඳහා ක්‍රමවේද උල්ලංඝනය කර, නීතිය නමා ඇති බව පැහැදිලිය. පළමු ගල් අඟුරු ටෙන්ඩරය ගැන අප දිගින් දිගටම පැවසුවේ එයයි. දිගුකාලීන ටෙන්ඩරය ගැන මෙතරම් චෝදනා එල්ලවී තිබියදීත් හදිසි ටෙන්ඩරයේදීත් මේ ආකාරයට හැසිරීම ආණ්ඩුවේ ආධාරකරුවන් පැහැදිලි කරන්නේ කෙසේද?
මෙය ව්‍යාජ හඬපටයක් නොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලිපියකින් පිළිගෙන ඇති නිසා රට කරන්නේ මාලිමාවේ මහජන නියෝජිතයන් නොව ධම්මික පෙරේරා ඇතුළු ජාවාරම්කාර ධනපති චෞර වළල්ලක් විසින් බව පැහැදිලිය.
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා මේ ලිපිය නිකුත් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීල් තබා ඇති ආයතනයක ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව භාවිත කිරීම විශාල වරදක් බව නොදන්නා නිසා විය නොහැක. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එය ප්‍රචාරය කිරීම තුළ පෙනී යන්නේ ධනපති චෞර වළල්ලට රාජ්‍ය ව්‍යුහයන් හැසිරවීමට ඇති ශක්‍තිය නොවේනම් වෙන කුමක්ද?
මේ පවතින්නේ ධනේශ්වර රජයක් බවත් කවුරු මොන පුටුවල වාඩිවී සිටියත් මේවා ධනපති ආණ්ඩු බවත් මාක්ස්වාදීන් හැමදාමත් පවසන්නේ ඒ නිසාය. මේ ගල් අඟුරු මගඩියෙන් ජාවාරම්කාරයන්ගේ මඩි තරවන අතර එහි වන්දිය වැඩකරන ජනතාවට ගෙවීමට සිදුවනු ඇත. ඩොලර්වලින් ඉන්ධන ආනයනයට විශාල සමාගම්වලට ආණ්ඩුව ඉඩදී තිබෙන නිසා එම පන්තිය සිය සුපුරුදු කටයුතු කරගෙන යන අතර, විදුලි කප්පාදුව නිසා වැඩකරන පන්තියේ දෛනික ජන ජීවිතය අඩාල වනු ඇත.
මේ සියලු ප්‍රශ්න සමග පන්ති ප්‍රශ්නයක් සම්බන්ධව ඇත. මේවා ධනපති ආණ්ඩු වන අතර වරින් වර එහි මතුපිට සායමේ පැහැය පමණක් අලුත් මූණු හරහා වෙනස්වේ. වත්මන් අත්දැකීමෙන් ලංකාවේ ජනතාවට එම දේශපාලන අවබෝධයවත් ලැබේ නම් ප්‍රමාණවත් වන බව දැනට ලියා තබමු."

හොරු නැතුව හොරු එක්ක.
ReplyDeleteමුන් සේරම සෙට් වෙලා වැඩේ දෙන්නේ , ඕනේ බුරුවෙකුට තේරෙනවා
ReplyDeleteසරල සුත්‍රයක් අනුව තමයී මේක කරන්නේ
ReplyDelete1) මුලින්ම tendar call කරනවා
2) tender වහන දවස දා අන්තිම මොහෝතේ tender closing date එක කල් දානව
3) මේ වගේ තුන් පාරක් විතර කරනවා අවශ්‍ය මිලට ගන්න තිබෙන දේ අවශ්‍යතාව ඉතාමත් හදිසි වෙනකම්
4) ආයේ tender close කරන ව ඉට පෙරකොම්පැණියට තිබෙන්නට ඕන සුදුසුකම් හොඳටම අඩු කරනවා
5 ) තමුන්ගේ දන්න කොම්පැණියට කියනවා backdate කරලා tender එක දාන්න
සුදුසුකම් බලන්නේ නෑ බඩු වල කොලිටි බොරු කරනවා අන්තිමේ බිලියන ගාණක් වැඩිපුර ගෙවල අඩු කොලිටි බඩු වලට.
ඒ ගහපු සල්ලි කොහෙද ගියේ?
දෑන් තව ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ තමයී නියමිත විදියට tender දාලා හොඳ මිලට ක් දුන්නු සමාගමක් ආණ්ඩුවට නඩු දාන්න පුළුවන් ඒ වගේම අන්තර්ජාතික වානිජ අධිකරණයක ට පැමිණිලි කරන්න පුළුවන්
අන්තිමට ලංකාවේ tender වලට කිසිම වැදගත් සමාගමක් tender නොකරන්න ඉඩ තිබෙනව. ග ජ මිතුර න් ට තමයී ඔය tender දෙන්නේ කියලා 68 ලක්ෂයේ ගොන්නු උඹලාට දැන් සනිපද?