මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය තීරණාත්මක මට්ටමකට ගෙන යමින්, අමෙරිකානු නාවික හමුදාවට අයත් 'යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන්' නමැති දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඉරාන වෙරළ තීරයට කිලෝමීටර් 200ක් තරම් ආසන්න දුරකට සේන්දු වී තිබේ.
වත්මන් හමුදා මෙහෙයුම් ආරම්භ වූ දා සිට අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉරානයට මෙතරම් සමීප වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
දැනට ඕමාන් බොක්කේ ස්ථානගත කර ඇති මෙම නෞකාව, උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිර දෙසින් ඇත.
මෙමගින් ඉරානයේ දකුණු වෙරළ තීරය වෙත ඉතා කෙටි කාලයකදී ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අමෙරිකානු බලකායන්ට හිමිවනු ඇත.
පවතින වාතාවරණය හමුවේ අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකා 15කට අධික සංඛ්‍යාවක් කලාපයේ ප්‍රධාන මුහුදු මාර්ග ආවරණය වන පරිදි දැඩි නාවික අවහිරතාවයක නිරතව සිටී.
මෙහි අරමුණ වන්නේ කලාපයේ නාවික ගමනාගමනය තම පාලනයට නතු කර ගැනීම බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් 'යූ.එස්.එස්. ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්' නමැති තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් කලාපය වෙත ගමන් කරමින් පවතින බව වාර්තා වේ.
මෙම අතිරේක බලඇණි පැමිණීමත් සමඟ මැදපෙරදිග කලාපයේ අමෙරිකානු නාවික බලය පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කලාපීය බලවතුන් අතර උත්සන්න වන මෙම හමුදාමය ක්‍රියාකාරකම් හේතුවෙන් ඕනෑම මොහොතක සන්නද්ධ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවති
