මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කර ඇති මුදල් සයිප්‍රසය වැනි ආරක්ෂිත පරාදීසයක් (Safe Haven) වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බවත් 'දිනන දකුණ' සංවිධානයේ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කරයි.
මෙවැනි විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී තිබියදීත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව ඒ මහතා අවධාරණය කළේය.
විශේෂයෙන්ම, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අවසන් මොහොත දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති බව ඔහු අනාවරණය කළේය.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අග්‍රස්ථානය හිමි වන පාර්ලිමේන්තුවට පවා මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මැදිහත් වීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳව වාර්තා කර නොමැති නිසා බව ලක්තිලක මහතා පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම බරපතල තත්ත්වය පිළිබඳව රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් 'කෝප්' (COPE) කමිටුව පවා මෙතෙක් දැනුවත් කර නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දැන් sombi වෙලා වගේ ආණ්ඩුව.
ReplyDeleteAnonymous save us කියලත් කිව්වා... ඉම්හි... ඉම්හි.... ඇයි හැකර්ස් ලා අපිට කෙලියේ...
Deleteපුංචි අම්මගේ ද ?
ReplyDeleteඅරක්ෂාවට පන්ති කරන්න කතා කරේ, පුපේ අරල යනකන් දන්නෙ නැ
ReplyDeleteගෙදර පලයන් ලපේ
ඩැස් බැංකු ගෙනාවනං උගන්නනවා තමා
Deleteබලයට කෑදර කමේ රට සෝමාලියාවක් නොකර ආන්ඩුව ජනාධිපති ගෙදරයනු.
ReplyDeleteRajapakshalage ginumak da?
ReplyDeleteරාජපක්ෂලා නේ රටේ ඩොලර් හොරකම් කළා කියලා කිව්වේ
ReplyDeleteඋගන්ඩාවට ප්ලේන් වලින් බෑග් වල සල්ලි දා ගෙන අරං ගියයි කිව්වා
බැංකුවල දා ගෙන ඉන්න ඒවෑ ගිණුම් අංක පවා දන්නවා කිව්වා
ඔන්න දැන් ඇත්තටම ඩොලර් හොරකමක් වෙලා - පොඩි ගාණකුත් නෙමෙයි - ඩොලර් මිලියන ගාණක්
තවත් දිට්ඨධම්මවේදනීය කර්මයක් පඩිසන් දීලා
සාක්කි නැති හොරකම් කෙසේ වෙතත් අඩු ගානේ සාක්කි තියෙන මේ ඩොලර් හොරකම හරි හොයන්න පුළුවන්ද බලමු
ගෙදර පලයන් ලපේ
ReplyDelete