හිටපු පාලකයන් තමන්ගේ පාලන කාලය තුළ ලබාගත් දූෂිත අත්දැකීම් සහ ඔවුන්ගේ මිම්මෙන් වර්තමාන මාලිමා රජය මැනීමට උත්සාහ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විපක්ෂයට දැඩි අභියෝගයක් කරයි.
මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් (හකර්වරුන්) විසින් සිදු කරන ලද වංචනික ක්‍රියාවක් පිළිබඳව රජය කරුණු හඳුනාගෙන ඇති බවත්, එය කිසිසේත්ම රජය දැනුවත්ව සිදු වූවක් නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා සිදුව ඇති මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් රජය කරුණු වසන් කර නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ පිළිබඳව දැනගත් වහාම අවශ්‍ය කරන නීතිමය පියවර ගනිමින් සිටින බවත්, විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.
උදය ගම්මන්පිල සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින් ජයසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් මීට පෙර සිටි නායකයන් සහ තමන් ලැබූ අත්දැකීම් මත පදනම්ව වර්තමාන ආණ්ඩුව ද වංචනිකයන් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන බවයි.
"තමන් වංචනිකයෝ, දූෂිතයෝ, හොරු නිසා මේ ආණ්ඩුවත් එහෙමයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒත් අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ මිම්මෙන් අපිව මනින්න එපා කියලයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වූ මහා බැංකු බැඳුම්කර වංචාවේදී ක්‍රමවේදයන් වෙනස් කිරීමට හෝ නිශ්චිත නියෝග ලබා දී ඇති බවට සාක්ෂි ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්තමාන රජය එවැනි කිසිදු මැදිහත් වීමක් සිදු කර නොමැති බවත් පිරිසිදු පාලනයක් ගෙන යන බවත් සහතික කළේය.
එසේම ගල් අඟුරු වංචාව වැනි දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන බවද ඔහු සිහිපත් කළේය.
රජය අපහසුතාවයට පත් කිරීමට මඩ ප්‍රහාර එල්ල කළද, මාලිමා රජය කිසිදු දූෂණයකට ඉඩ නොතබන බවත්, ඕනෑම තැනක වංචාවක් සිදුව ඇත්නම් එය ඔප්පු කරන ලෙසත් මහින්ද ජයසිංහ මහතා විපක්ෂයට අභියෝග කළේය

අපි මාලිමාවට මාලිමාව අපිට !
ReplyDeleteඅපි හොරු නෙමෙයි එච්චරයි! මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!
ප්‍රශ්න තියනවද ? සහෝදරවරුත් සතුටින් අපිත් සතුටින් !
ane mage account ekatath dannako, mama email ekak ewannam
Deleteapi harak pattiyak
ReplyDeleteනෑ නෑ උබල හෙරූ නෙමෙ උබල හැකර් ල
ReplyDeleteAney palayan ban nuhuka. Mey para thopi 2%.
ReplyDeleteඒක හරි උබලා හොරු විතරක් නෙවේ උබලා හොර ගොන්නු. ඒකනෙ එමේල් එකක් ආවම ඒකට සල්ලි දාන්නේ.
ReplyDeleteතාම පත්තු නොවුන හොර ගොන් කම තමයි ඇමරිකාවේ සමාගමකට ගෑස් කොන්ත්‍රාත්තුව දුන්න එක.
හොරකම් පැත්තක තියලා අපි හිරුට එක මිට ට kelawamu. එන්න හැක්...හැක්...හැකර්.
ReplyDeleteතොපි ලෝක හොරු විතරක් නෙවෙයි කිසිම වැඩක් බැරි බොරු කාරයෝ. දැක්කමත් වමනෙට එනවා🤮🤮
ReplyDeleteතොපි ලෝක හොරු විතරක් නෙවෙයි කිසිම වැඩක් බැරි බොරු කාරයෝ. දැක්කමත් වමනෙට එනවා🤮🤮
ReplyDeleteLABBA
ReplyDeleteTin Tin ge weera kriya nemei dan tiyenne... AKD ge GON kriya 😂
ReplyDeleteඕක පොඩ්ඩක් සංසෝදනය වෙන්න ඕනෙ හොරු විතරක් නෙමේ ඊමේල් එකකට සල්ලි යවන මීහරක් කියලා.
ReplyDeleteමේක බලල හරි තම තමන් දියුණු වෙන්න බලපල්ලා
ReplyDeletehttps://youtube.com/shorts/sXEmlrA70II?si=9Wy0mQcYxaILTxQ1
හොඳ වීඩියෝවක් තියෙනව "වැඩ බැරිනම් පලයල්ලා... මුදල් අමාත්‍යාංශය අසල" බොරැල්ල හන්දිය වෙබ්සයිට් එකෙන් කරන. ඒකත් බලන්න වටිනව.
ReplyDeleteචීත්ත කොබාද අලුත්ම ඩෝබියා?
ReplyDelete