විදුලි ගාස්තු යලි වැඩිකිරීම අවුලක.. පිරිවැය ආවරණය ගැටළුවක..

 


විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීම සඳහා ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ

පසුගිය 01 වැනිදා සිට විදුලි ගාස්තු සියයට 10 කින් ඉහළ දැමූ පසුබිමක, මෙවැනි කෙටි කාලසීමාවක් තුළ නැවත ගාස්තු ඉහළ දැමීම ගැටලුකාරී බව කොමිසමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම මෙම වසරේ දෙවැනි කාර්තුව (අප්‍රේල් සිට ජුනි දක්වා) සඳහා විදුලි ගාස්තු සියයට 15 කින් පමණ ඉහළ දැමීමට යෝජනා කර තිබුණි.

එමගින් රුපියල් කෝටි 3,100 ක අතිරේක ආදායමක් උපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කළ අතර, වර්ෂාව අඩු වීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම, තාප විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන පිරිවැය ඉහළ යාම ඊට හේතු ලෙස දක්වා තිබුණි.

කෙසේ වෙතත්, කොමිසමේ පනතට අනුව අදාළ යෝජනාව සලකා බැලීමට මෙතෙක් තීරණය කර නොමැති බැවින්, මහජන අදහස් විමසීම ඇතුළු ඉදිරි ක්‍රියාපටිපාටි කිසිවක් සැලසුම් කර නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.

Previous Post Next Post