භාණ්ඩාගාර චෝදනාවට මුදල් ඇමති, මුදල් ලේකම් අස් නොවෙන්න තද තීරණයක්..


 භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් වගකීම භාරගෙන ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

අදාළ සිදුවීමේ වගකීම භාරගෙන මුදල් අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය දැඩි චෝදනාවක් එල්ල කරමින් සිටින පසුබිමක ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මීට පෙර සිදුවූ ගල්අඟුරු සිදුවීමේදී විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වූ ආකාරයෙන්ම, එම පූර්වාදර්ශය අනුගමනය කරමින් මෙවරද මුදල් අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බව විපක්ෂය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, පවතින දේශපාලන තත්ත්වය මත මෙවැනි මොහොතක ඉල්ලා අස්වීම් සිදු කිරීම නුසුදුසු බව ආණ්ඩු පක්ෂයේ මතය වී තිබේ. 

එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ වී ඇත්තේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් කිසිසේත්ම ඉල්ලා අස්විය යුතු නැති බවයි. 

එමෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා සම්බන්ධයෙන් ද එවැනිම ස්ථාවරයක ආණ්ඩුව පසුවන බව වාර්තා වේ.

8 Comments

  1. අස්වේලා බෑනේ කොහොමද එතකොට භාණ්ඩාගාරයට ඉස්සරහට සුද්දෙ දෙන්නේ.

    ReplyDelete
  2. I can imagine what type of a speech AKD will make in a situation like this, if he was in the opposition today. Practice what you preach Mr. President

    ReplyDelete
  3. පචයා, ලපයා, කෙබර කොටා, කුට්ටි කණ්කානියා මකබෑවිලා පල.

    ReplyDelete
  4. පචයා, ලපයා, කෙබර කොටා, කුට්ටි කණ්කානියා මකබෑවිලා පල.

    ReplyDelete
  5. පරෙස්සම් වෙලා හිටපියව් ..මහින්දට හොරා කිව්වට තොපි තරම් හොරාකාපු හැතිකරයක් මේ රටේ නෑ..ඊළඟ ආන්ඩුව ආපු ගමන් තොපි සේරම ඇතුලෙ

    ReplyDelete
  6. සාප වේවා...සාප වේවා...සාප වේවා...

    ReplyDelete
Previous Post Next Post