අලුතින් අරඹූ මෙට්‍රො බස් එකේ මාකුඹුරේ සිට කොටුවටම මගීන් පහයි..


අලුතින් ආරම්භ කරන ලද මෙට්‍රෝ බස් සේවාව පිළිබඳව එහි ගමන් ගත් මගියෙකු සිය අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත්තේ
, මෙම සේවාව තාක්ෂණික හා කළමනාකරණ අංශවලින් තවදුරටත් දියුණු විය යුතු බවයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අහම්බයෙන් මෙම බස් රථයට ගොඩවීමට අවස්ථාව ලැබුණු බව පවසන ඔහු, එහි ඇති විශේෂතා මෙන්ම අඩුපාඩු කිහිපයක් ද පෙන්වා දී තිබේ.

බස් රථය ඉතා පිරිසිදු මෙන්ම උපරිම සැප පහසුවෙන් යුක්ත වීම, රියදුරු සහ කොන්දොස්තර මහතා ඉතා ප්‍රියමනාප ලෙස කටයුතු කිරීම, සාමාන්‍ය බස් රථවල පවතින අධික ශබ්දයෙන් යුත් සංගීතය නොමැති වීම මගීන්ට සහනයක් වීම ආදිය ධනාත්මක පැති ලෙස ඔහු දකියි.

මාකුඹුරේ සිට කොටුව දක්වා මුළු ගමනටම ලබා දී ඇත්තේ බස් නැවතුම් 5ක් පමණි. මේ හේතුවෙන් මගීන් පාරේ අත දැමුවද බස් රථය නතර නොකරන අතර, අවශ්‍ය තැනින් බැසීමට නොහැකි නිසා මගීන් මෙයට ගොඩවීමට මැලි වන බව නිරීක්ෂණය වී ඇත.

මුළු ගමන පුරාම සිට ඇත්තේ මගීන් පස් දෙනෙකු පමණි. මෙය දිගින් දිගටම සිදුවුවහොත් සේවාව පාඩු ලැබිය හැකි බව මගියා පෙන්වා දෙයි.

බස් රථය ගමන් කළ යුතු නිසි මාර්ගය පිළිබඳව රියදුරු දැනුවත් නොවීම හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවී ඇත. එසේම, බස් රථය තුළ තිබිය යුතු ස්වයංක්‍රීය නිවේදන පද්ධතිය (Voice messages/Halt announcements) තවමත් ක්‍රියාත්මක නොවේ.

බස් රථයේ ප්‍රදර්ශනය වන්නේ 120 මාර්ග අංකය වුවද, එය එම මාර්ගය ආසන්නයෙන්වත් ගමන් නොකිරීම මගීන් අපහසුතාවයට පත් කරන්නකි.

"ලංකාවේ මෙවැනි සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටුයි. නමුත් අවශ්‍ය පුහුණුව සහ නිසි ක්‍රමවේදයක් නොමැතිව මෙය පවත්වාගෙන යාම අපහසුයි. අඩුපාඩු හදාගෙන ඉදිරියට යයි කියා බලාපොරොත්තු වෙනවා," යැයි එම මගියා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

4 Comments

  1. තවම ඉගෙනගන්නව

    ReplyDelete
  2. මා්ඩ බයියන්ගේ වැඩ?

    ReplyDelete
  3. මගියෝ උඹට පිස්සුද ? ඔය බස් එකකින් හොද කොමිස් කුට්ටියක් පැලවත්තට ලැබෙනවා. උන්ට ඕවා වාසි උනත් පාඩු උනත් වැඩක් නෑ. උන්ට ඕන බලය තියන අවුරුදු පහේදී පුලුවන් තරම් හොරකම් කොරගන පරම්පරා ගානක් ගොඩ යන්න. උඹවෙනදා වගේ නිකම් බස් එකක පලයන්.

    ReplyDelete
  4. ඒ වුනාට කමක් නෑ. මාලිමාවේ ගොන්නු ටික චූන් කරලා ඉවරයි.
    උන් හිතාගෙන ඉන්නේ ඔය බස් 5 දැම්මම රටේම ප්‍රවාහනේ ගොඩ දැම්මා කියලා.
    බස් හෝල්ට් එකත් පේන්ට් කරානේ.

    ReplyDelete
Previous Post Next Post