අගමැතිනි හරිනි අනුන්ගේ ගෙදරක අවුරුදු නැකැත් චාරිත‍්‍ර කරන්න යයි..


2026 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද නැකත් චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවය, අද (අප්‍රේල් 14) ගම්පහ ජයන්ත පාරේ පිහිටි දර්ශන වීරසිංහ මහතාගේ නිවසේදී පැවැත්වෙයි.

මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් සහභාගී වේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අනුව සම්ප්‍රදායික කටයුතු විධිමත් ලෙස ඉටු කරමින් ජාතික සංස්කෘතික අගය සහ ආගමික එකමුතුව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත් කර ඇති සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය මෙසේය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ.

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයකි.

පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සුබ නැකතට වැඩ අල්ලමින් මෙම අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි මම පළමුව ප්‍රාර්ථනා කරමි.

අප අලුත් අවුරුද්දේ දකින සුවිශේෂීත්වය හා අපගේ අනන්‍යතාවය වන්නේ එකම නැකතකට චාරිත්‍ර සමූහයක් හරහා මුළු රටක් එකම රිද්මයකට පෙළගැසීමයි.

විවිධ කාර්යබහුලත්වයන් සහ අභියෝග හමුවේ වුවද, පවුලක් ලෙස සහ රටක් ලෙස නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාමට මෙම කාලය අපට වටිනා අවස්ථාවක් ලබා දෙයි.

අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කොට, සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමයි.

විශේෂයෙන්ම වර්තමාන ගෝලීය අර්බුද හමුවේ වුවද, පසුගිය කාලසීමාවන්හිදී අප ජාතියක් ලෙස විවිධ ස්වභාවික සහ ආර්ථික අභියෝගයන්ට අභීතව මුහුණ දුන් ආකාරය ලෝකයටම ආදර්ශයකි.

එම සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අපගේ වගකීමකි.

මෙම සුබ මොහොතේදී, විදෙස්ගතව සේවය කරමින් සිය පවුලේත්, රටේත් අනාගතය වෙනුවෙන් කැපවන ලාංකේය සහෝදර සහෝදරියන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරමි.

විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු ලොව පුරා විසිරී සිටින ඔබ සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.

පැමිණෙන සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් වූත් සෞභාග්‍යමත් වූත් දේශයක් ගොඩනැගීමට අපි සැවොම අලුත් සිතිවිලිවලින් යුතුව අදිටන් කරගනිමු.

දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස, සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් අපි නොනැවතී කැපවෙමු.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමරන ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.  


5 Comments

  1. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්April 14, 2026 at 9:56 AM

    2026 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද නැකත් චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවය, අද (අප්‍රේල් 14) ගම්පහ ජයන්ත පාරේ පිහිටි දර්ශන වීරසිංහ මහතාගේ නිවසේදී පැවැත්වෙයි.
    මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් සහභාගී වේ.

    මෙමෙ අවුරුදු උත්සවයේ විශේෂත්වය වන්නේ සුබ නැකතට අගමැතිනියග්ගේ සුරතින් පිලියෙල කෙරෙන ගල් අඟුරු මිශ්‍ර කිරිබතයි .

    එම කිරිබත උත්සවයට සහභාගී වන සියලු සම්භාවනීය අමුත්න්න්ට අගමැතිනියගේම සුරතින් මුව පුරා කැ වීමට සියලු කටයුතු සුදානම් කර ඇත

    ReplyDelete
  2. ඔතැනට එකතුවෙන බහුතරයක් ගැන කිවහැක්කේ මෙපමණයි.

    "බුදුන් දහම් සඟනට නොකෙළෙද අදර
    නිවන් දකින පිනකුත් නොකෙළෙද කවර
    ලඳුන් තන නොසිපියෙද සිහිනෙන් විතර
    උපන් මව යොවුන් වනයට පොරෝ'යුර"

    තුන්වැනි පදය විරුද්ධ ලිංගිකයන් ගැන මිස සමලිංගිකයන් ගැන අදාල නොවේ!

    ReplyDelete
    Replies
    1. Ane manda bn.aluth awuruddewath.Mun nam

      Delete
  3. රටම කෑවා මුන්

    ReplyDelete
  4. නොදකින් pimpi හැත්ත.

    ReplyDelete
Previous Post Next Post