මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට විරෝධතා.. විරෝධතාකරුවන්ට ගොම ප‍්‍රහාරයක්.. පොලිසිය බලා සිටියි..


 මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට අද (28) පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

අතුරුදන් වූ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

විරෝධතාකරුවන් ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී එහි පැමිණි වෙනත් පිරිසක් ඔවුන්ට ගොම හා ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එමගින් දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

8 Comments

  1. දැන් දැන් හරක්ට ගොම පහවෙන කාලේ... මුන් උද්ඝෝෂණ කර තරමට ගොම ගැහුවා නම් නවසීලන්තයෙන් ඉම්පෝට් කරලා ගහන්න වෙන්නේ... 🐂🐂🐂💩💩💩🤣😜🤗

    ReplyDelete
  2. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්

    ReplyDelete
  3. ඉස්සරහට කොහොමත්ම ගහල පැන්නුවොත් හරි චන්දෙන් හරි මුන්ව රටේ ජනතාව විපක්ෂයට විසි කරල දානවා.එදාට අතීතයේ වගේ බොරු අල්ලගෙන මුං ආපහු උද්ඝෝෂණ කරන්න පාරට එනව. අන්න එදාට ගොම විතරක් නෙමෙයි ගූත් ගහන්න ඕනේ ඔව්වන්ට.

    ReplyDelete
  4. unma goma gahagena hurathal babala wenna hadanawa...goma newei gully bowzer halanna ona lonthayanta..

    ReplyDelete
  5. ගූත් එක්ක ජෙප්පන්ට තියෙන්නෙ ආත්මීය බැඳීමක්. ජෙප්පන්ට ගූ නැතුව බෑ. ගූ වලට ජෙප්පො නැතුව බෑ.

    ReplyDelete
  6. ගූකෑව බණ්ඩාර. ඕකට අද දවල් කෑම උදේ දීලා තියෙන්නේ

    ReplyDelete
  7. Mun Namal ge golayo. Krish naduwey horakama wahaganna. Mun horu! Namal parliament aweyth list eken. Lajjai.

    ReplyDelete
Previous Post Next Post