භාණ්ඩාගාර හැකරා මහින්ද රාජපක්‍ෂගේ ඥාතියෙක් වෙන්න පුළුවං..


රජය විසින් තවත් රජයකට ගෙවිය යුතු ණය වාරිකයක් හැකර්වරයෙකුගේ පුද්ගලික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියෙකුගේ වැඩක් යැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අදහස් දැක්වීය
.

ඔහු පවසන්නේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා සිදුවූ මෙම බරපතල වරද වසා ගැනීමට අවසානයේදී .

රජය විසින් විදේශ රටකට ගෙවිය යුතු ණය වාරිකය හැකර්වරයෙකුගේ පුද්ගලික ගිණුමකට බැරවීම හුදෙක් සන්නිවේදන හෝ ඊමේල් පණිවිඩයක ප්‍රශ්නයක් ලෙස බැහැර කළ නොහැකි බව පෙරේරා මහතා අවධාරණය කළේය.

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතුළු ඉහළ සහ පහළ නිලධාරීන් 12 දෙනෙකුගේ පමණ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදුවන මෙවැනි ගෙවීමක්, හැකර්වරයෙකුගේ ගිණුමකට යාම පිටුපස ආණ්ඩුවේ දැඩි නොසැලකිල්ල පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

පවතින ආණ්ඩුව දිගින් දිගටම වැරදි සිදුකරන නමුත් ඒවායේ වංචාවක් නොමැති බව පවසමින් ජනතාව මුලා කරන බවට ඔහු චෝදනා කළේය.

බාල ගල්අඟුරු ගෙන්වීම, කන්ටේනර් 300ක් රේගුවෙන් පිටවීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දරුවන්ට අසභ්‍ය වෙබ් අඩවි නිරාවරණය වීම සහ අධික මිලට ඉන්ධන මිලදී ගැනීම වැනි සිදුවීම්වලදී ද ආණ්ඩුව අනුගමනය කළේ මෙවැනිම පිළිවෙතක් බව ඔහු සිහිපත් කළේය.

"හැම එකටම විරුද්ධ පක්ෂයට හෝ වෙනත් පාර්ශවයකට ඇඟිල්ල දිගු කරන ආණ්ඩුව, දැන් කියයිද දන්නේ නැහැ මේ හැකර්වරයා මහින්ද රාජපක්ෂගේ අහවලාගේ ඥාතියෙක් කියලා," යැයි ඔහු උපහාසාත්මකව පැවසීය.

වත්මන් පාලනය "චූන් පාන් ආණ්ඩුවක්" හෝ "බෝතල් පත්තරකාර ආණ්ඩුවක්" ලෙස හඳුන්වමින් ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේ මොවුන්ට රාජ්‍යය පාලනය කිරීම පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවයි.

ආණ්ඩුව බලයට පත්වූ පමණින් රාජ්‍යය පාලනය කළ නොහැකි බවත්, රාජ්‍යය නිවැරදි මාවතට පෙළගැස්වීම පාලකයින්ගේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව සිදුකරන ඇතැම් වැඩපිළිවෙලවල් පවා මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් නිසා අසාර්ථක වෙමින් පවතින බවත්, මෙම හැකර් සිද්ධිය නිසා මුළු ආණ්ඩුවම දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු නිගමනය කළේය.

12 Comments

  1. Central Bank Governor and Pacha Kumara must go home

    ReplyDelete
    Replies
    1. Only kabral knows the secrets

      Delete
  2. This definitely looks like the work of Rajapksha hora clan.

    ReplyDelete
  3. The government has to appoint a high level committee to investigate all the previous loan payments by all the governments since past 76 years, whether there were any malpractices

    ReplyDelete
    Replies
    1. PAKO THIYENE ATA DEKA PARISSAM KARAGANIN

      Delete
  4. Doctorate or professorship is not the qualification to be the Secretary to the the Treasury, he should be a very experience person in this field. At least we have to be happy that A.K.D didn't appoint Dr Ranwala or Dr Lal Kantha for this post. Appointed party henchman has spoiled the soup in an unprecedented manner which never happened during the history of 76 years.

    ReplyDelete
  5. They kadayakwath karapu nethi ewunta ratak bara deela api windina dukak. Ane me awurudu paha ikmanin gevala daanna dewiyane

    ReplyDelete
  6. C J අහමඩ්April 23, 2026 at 3:20 PM

    මේක කව්රු හරි රාජපක්ෂ බය්යෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්

    ReplyDelete
  7. කාලකන්නි ආන්ඩුව ගෙදර පල රට බංකොලොත් නොකර. අති දරිද්‍රතාව යෙන් ල්ංකාව පෙලෙනවා

    ReplyDelete
    Replies
    1. Ubata denda thetune??
      Mechchara Kal lankaweda hitiye??

      Delete
Previous Post Next Post