සාමයක් නෑ.. ඉදිරියටත් යුද්දයමයි.. ඇමරිකා නාවුක බලඇණි ඉරානය තවත් වටලයි..


මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුද උණුසුම හමුවේ ඇමරිකා එක්සත් ජනපදය සිය නාවික බලඇණි ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ
.

ඒ අනුව ඇමරිකාවේ අතිනවීනතම ගුවන්යානා ප්‍රවාහන නෞකාව වන USS Gerald R. Ford යළිත් මැදපෙරදිග කලාපයට පැමිණ ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරයි.

මීට පෙර මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම්වල නිරතව සිටි USS Gerald R. Ford නෞකාව, සූවස් ඇළ හරහා රතු මුහුදට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මෙම ගමනේදී USS Mahan සහ USS Winston S. Churchill යන නෞකා ද ඊට සහාය වෙමින් ගමන් කරයි. මෙම නෞකාවේ පැමිණීමත් සමඟ මැදපෙරදිග කලාපය තුළ දැනට ක්‍රියාත්මක ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ යයි.

USS Abraham Lincoln නෞකාව දැනටමත් අරාබි මුහුදේ රැඳී සිටින අතර, තෙවන නෞකාව ලෙස USS George H. W. Bush මේ වන විට දකුණු අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් මැදපෙරදිග කලාපය දෙසට ගමන් කරමින් පවතින බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

USS Gerald R. Ford නෞකාව මීට පෙර එහි රෙදි සෝදන අංශයක ඇති වූ ගින්නක් හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මාසයකට අධික කාලයක් වරායක නැංගුරම් ලා තිබුණි.

එම බාධාවන් මධ්‍යයේ වුවද, මෙම නෞකාව වියට්නාම යුද්ධයෙන් පසුව ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් සිදු කළ දීර්ඝතම මෙහෙයුම් කාලය පිළිබඳ වාර්තාව ද පිහිටුවා තිබේ.

කලාපය තුළ ඇමරිකානු හමුදා ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට මෙම පියවර ගෙන තිබුණද, මෙම විශේෂ මෙහෙයුමේ අරමුණු පිළිබඳව ආරක්ෂක අංශ වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත

2 Comments

  1. රුසියාව පොඩ්ඩ්ඩක් තර්ජනය කලානම් ඇමරිකාව Mexico බොක්කටම පහුබහිනවා...

    ReplyDelete
    Replies
    1. ලබ්බ තමයි. 😅
      එහෙනම් තර්ජනය කරලා රුසියාවට දාන සම්බාධක අයින් කරගන්න කියපන්කෝ. 😂 අවුරුදු ගානක්ම බල්ලෝ වගේ නැට්ට ගහන් ඉන්නේ.

      ඇමරිකාව ඉරානයට ගහද්දීත් පුටින් බුදි. 🤣

      Delete
Previous Post Next Post