භාණ්ඩාගාර කොල්ලය වරද සුළු සේවකයින් බිල්ලට දී අත පිහදාගැනීමේ උත්සාහයක්..

මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය වසා ගැනීමටත්, එහි වගකීම පහළ මට්ටමේ සේවකයින් වෙත පටවා නිදහස් වීමටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා කටයුතු කරමින් සිටින බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි.

මෙම මංකොල්ලයට වගකිව යුතු ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ලේකම්වරයාට පවතින බව පෙනෙන්නට තිබෙන බව ද ඔහු පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පළමුව මාර්තු 24 වන දින තනි සභාපතිවරයෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව ලිපියකින් දැනුම් දී තිබුණ ද, පසුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු (DST) දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙම වංචාව අභ්‍යන්තරිකව වසා ගැනීමට ලේඛන සංශෝධනය කිරීමේ උත්සාහයක් පවතින බවත්, ඇතැම් ලේඛන බෙදා හැරීමෙන් පසු නැවත භාරයට ගෙන ඇති බවත් තෙන්නකෝන් මහතා අනාවරණය කරයි. කෙසේ වෙතත්, නියමිත දින මුද්‍රා සහිත ලේඛන පද්ධතිය තුළ තවමත් පවතින බව සේවකයන් පවසන බව ද ඔහු සඳහන් කළේය.

විමර්ශන කමිටු වාර්තාව අප්‍රේල් 10 වන දින මුදල් ලේකම්වරයා වෙත ලැබී තිබුණ ද, ඒ පිළිබඳව අවම වශයෙන් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව පැවසේ. ජනාධිපතිවරයා වෙත අර්ධ සත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඔහුව නොමග යැවීමට මුදල් ලේකම්වරයා කටයුතු කර ඇති බවට ද තෙන්නකෝන් මහතා චෝදනා කරයි.

සිද්ධිය වසා ගැනීමේ උපක්‍රමයක් ලෙස අප්‍රේල් 17 වන දින පහළ මට්ටමේ සේවකයන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන් මෑතකදී මාරු වී ආ දක්ෂ නිලධාරිනියන් දෙදෙනෙකු මෙම ක්‍රියාවලියේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බවත්, රාජ්‍යයන් අතර ණය ගනුදෙනු පිළිබඳ පුහුණුවක් ඔවුන්ට නොතිබූ බවත් හිටපු ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.

මෙම විමර්ශන හරහා වැරදිකරුවන් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන්නේ අංක ටයිප් කළ පුද්ගලයන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මහා භාණ්ඩාගාරයේ සිටි දක්ෂ නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත විවිධ ස්ථානවලට මාරු කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පරිගණක අංශයට වගකිවයුතු ප්‍රධානියෙකු පත් කර නොමැති බවත්, දක්ෂයන් වෙනුවට දේශපාලන ලැදියාව මත පත්වීම් සිදු කිරීම නිසා ආර්ථිකයේ හදවත බඳු භාණ්ඩාගාරය අවදානමකට ලක්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

වත්මන් මුදල් ලේකම්වරයාට රාජ්‍ය අංශ කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් නොමැති වීම මෙම තත්ත්වය තවත් දරුණු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

8 Comments

  1. වත්මන් මුදල් ලේකම්වරයාට රාජ්‍ය අංශ කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් නොමැති

    L BOARD set eka indian vahane thalanawa

    ReplyDelete
    Replies
    1. රනිල්ගෙ සන්ටැබියා මෙච්චර විස්තර දන්නේ කොහොමද?
      මේකෙ රනිල් ගෙ කුමන්ත්‍රණයක් වෙන්නර්හ් පුලුවන්
      මෙ ගැන හොදටම දන්නේ රනිල්

      Delete
    2. මේකේ භයානකම පැත්ත බලන්න කරුණාකර.මුං හිරවෙන්න හිරවෙන්න වෙන්නේ මුදල් ලබාගන්න රට තව තව ඉංදියාවට ඇමෙරිකාවට ඩයස්පෝරාවට තම්බි මුදලාලිලාට වැඳවැඳ රට විකුණනවා තෙල්ටැංකී ඩම්ඩොක්‍ යාඩ් ආදිය.අහෝ අපේ රට!

      Delete

  2. නිලධාරීන් වශයෙන් නීතියට පිටින් කවුරු අනුමැතිය දුන්නා"යයි සිතමු.
    නමුත් පාර්ලිමේන්තුවට

    වගකිව යුතු වන්නේ විෂය භාර අමාත්‍යවරයා ය. සාමූහික වශයෙන් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා සහිත අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. විෂය භාර මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා බැවින්, ඔහු සෘජුව පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. සාමූහික වගකීමෙන් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. මේ වගකීම බැහැර කොට නිලධාරී පිට දමා නිදහස් වීමට උත්සාහ කිරීමට උත්සාහ කරනවා නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍යයයේ බල ප්‍රකාරව,
    ජනාධිපතිවරයෙක් පත් කොට, ආමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහජන මුදලින් නඩත්තු කිරීම කුමටද යන්න අප නො අසන්නේ, එය ජනතා පරමාධිපත්‍යයයේ බලයට කරන අපහාසයක් නිසාවෙනි. එසේ නම් කුමක් ද කළ යුත්තේ ? . ජනතා පරමාධිපත්‍යයයේ බලය ප්‍රකාරව තම යුතු කම් ඉෂ්ට නො කොට ජනාධිපතිවරයෙක් සිටීම රටට කරන මහත් හානියකි. හෑල්ලුවකි. ලැජ්ජාවකි. අමාත්‍ය මණ්ඩලයේ කවරෙකු හෝ තම විෂයට අදාල වගකීම නො දරන්නේ නම් එය රටට කරන මහත් වූ හානියකි. රාජ්‍යයට කරන් මහත් ම මදි පුංචි කමකි. රටේ රාජ්‍යයේ කීර්තිය හෑල්ලු කර දැමීමකි.

    අපට විමසිය යුතු ප්‍රශ්න කීපයකි.

    1. මෙම වංචනික ගණු දෙනුව නිශ්චිත ලෙස සිදු වූයේ කවදා ද?

    2.මෙම වංචාව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා දැන ගත්තේ කවදා ද?

    3. මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කෙළේ ද? ඒ කවදා ද?

    4. මේ මූල්‍ය වංචාව බරපතල ලෙස රාජ්‍යට කළ අපරාධයකි. පොදු දේපොළ යටතට ද වැටේ. මෙම වංචාව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා නීතියමය වශයෙන් ක්‍රියා මාර්ග ගත්තේ ද? අධිකරණයට කරුණු වාර්තා වන ලෙස ක්‍රියා කළේ ද?

    5. රාජ්‍ය මූල්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවථාවේ ප්‍රතිපාදනවලට සෘජුව යටත් බැවින් මෙම වංචාව පිළිබඳව, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා බැදී ඇති බැවින් එසේ කර නැත. මෙය රටේ ජනතා පරමාධිපත්‍ය නො සලකා හැරීමක් බැවින් 2024 ජනාධිපතිවර මැතිවරණ වේදිකාවේ ප්‍රකට පොරොන්දුවක් වන " නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස ඇති කරනවා" යයි කියු ප්‍රකාශ සමඟ අප මෙය කෙසේ ගලපා ගත යුතු ද?

    6. පැරණි සිංහල කියමනක් තිබේ. එනම්,
    " කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බෙරේ" යනුවෙනි.
    මෙකී සිංහල කියමන ජන ව්‍යහාරට පත් වී ඇත්තේ
    " නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස ඇති කරනවා" යයි කියා ඊට හාස්පසින් වෙනකක් කරන මේ ආකාර මිනිසුන් නිසා ද? යන්න ද විමසිය යුතු.

    ReplyDelete
  3. ආරියතිලක

    නිලධාරීන් වශයෙන් නීතියට පිටින් කවුරු අනුමැතිය දුන්නා"යයි සිතමු.
    නමුත් පාර්ලිමේන්තුවට වගකිව යුතු වන්නේ විෂය භාර අමාත්‍යවරයා ය. සාමූහික වශයෙන් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා සහිත අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. විෂය භාර මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා බැවින්, ඔහු සෘජුව පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. සාමූහික වගකීමෙන් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. මේ වගකීම බැහැර කොට නිලධාරී පිට දමා නිදහස් වීමට උත්සාහ කිරීමට උත්සාහ කරනවා නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍යයයේ බල ප්‍රකාරව,
    ජනාධිපතිවරයෙක් පත් කොට, ආමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහජන මුදලින් නඩත්තු කිරීම කුමටද යන්න අප නො අසන්නේ, එය ජනතා පරමාධිපත්‍යයයේ බලයට කරන අපහාසයක් නිසාවෙනි. එසේ නම් කුමක් ද කළ යුත්තේ ? . ජනතා පරමාධිපත්‍යයයේ බලය ප්‍රකාරව තම යුතු කම් ඉෂ්ට නො කොට ජනාධිපතිවරයෙක් සිටීම රටට කරන මහත් හානියකි. හෑල්ලුවකි. ලැජ්ජාවකි. අමාත්‍ය මණ්ඩලයේ කවරෙකු හෝ තම විෂයට අදාල වගකීම නො දරන්නේ නම් එය රටට කරන මහත් වූ හානියකි. රාජ්‍යයට කරන් මහත් ම මදි පුංචි කමකි. රටේ රාජ්‍යයේ කීර්තිය හෑල්ලු කර දැමීමකි.

    අපට විමසිය යුතු ප්‍රශ්න කීපයකි.

    1. මෙම වංචනික ගණු දෙනුව නිශ්චිත ලෙස සිදු වූයේ කවදා ද?

    2.මෙම වංචාව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා දැන ගත්තේ කවදා ද?

    3. මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කෙළේ ද? ඒ කවදා ද?

    4. මේ මූල්‍ය වංචාව බරපතල ලෙස රාජ්‍යට කළ අපරාධයකි. පොදු දේපොළ යටතට ද වැටේ. මෙම වංචාව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා නීතියමය වශයෙන් ක්‍රියා මාර්ග ගත්තේ ද? අධිකරණයට කරුණු වාර්තා වන ලෙස ක්‍රියා කළේ ද?

    5. රාජ්‍ය මූල්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවථාවේ ප්‍රතිපාදනවලට සෘජුව යටත් බැවින් මෙම වංචාව පිළිබඳව, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා බැදී ඇති බැවින් එසේ කර නැත. මෙය රටේ ජනතා පරමාධිපත්‍ය නො සලකා හැරීමක් බැවින් 2024 ජනාධිපතිවර මැතිවරණ වේදිකාවේ ප්‍රකට පොරොන්දුවක් වන " නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස ඇති කරනවා" යයි කියු ප්‍රකාශ සමඟ අප මෙය කෙසේ ගලපා ගත යුතු ද?

    6. පැරණි සිංහල කියමනක් තිබේ. එනම්,
    " කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බෙරේ" යනුවෙනි.
    මෙකී සිංහල කියමන ජන ව්‍යහාරට පත් වී ඇත්තේ
    " නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස ඇති කරනවා" යයි කියා ඊට හාස්පසින් වෙනකක් කරන මේ ආකාර මිනිසුන් නිසා ද? යන්න ද විමසිය යුතු.

    ReplyDelete
  4. පිටරට හැකර්ලාට බයවෙන්න ඕනේ නෑ. ආන්ඩුවේ හැකර්ලාගෙන් බේරෙන විදිහක් හිතපල්ලා. හෙට අනිද්දා මුන් මින්ස්සුන්ගේ ගිනුම්වල සල්ලි අදීවි.

    ReplyDelete
  5. Ithin bn lekam money transfer karan na ne bn

    ReplyDelete
  6. කොහොමත් pachayo මෙකේන් ඇඟ බේරා ගෙන, නිලධාරීන් පිට වරද පැටවීම karai

    ReplyDelete
Previous Post Next Post