අර්චුනා රිමාන්ඩ්... ගිනි අවිය පොලිස් භාරයට..


 කාන්තාවකට ගිනිඅවි පෙන්වා මරණීය තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මේ මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මල්ලකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කළ බවට අර්චුනා මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. 

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද උදෑසන යාපනය, ඉලවාලෙයි පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, මන්ත්‍රීවරයා වෙත නිකුත් කර තිබූ පිස්තෝලය ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය විසින් සැකකාර මන්ත්‍රීවරයා මල්ලකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය.

1 Comments

  1. මෙයාලට තමයි කියන්නේ උගත් මෝඩයො. ඉගෙන ගත්තට වැඩක් නැහැ තමන්ගේ හිත පාලනය කරගන්න බැරි නම්. සමහර විට මන්ත්‍රී කමත් එක්ක හැදෙන ලෙඩක් වෙන්න පුළුවන්. දවසක් මගේ හිතවත් දේශපාලකයෙක් අපූරු කතාවක් කිව්වා. ඒක කියන්න හොදම අවස්ථාව මේ කියලා හිතනවා. ඔහුට ලැබුණු පලාත් ප්‍රධාන තනතුරක නිල නිවාසයට පදිංචියට යනකොට සෙත් පිරිත් හාමුදුරුවෝ දෙනමක් වඩම්මන්න කියල මට කිව්වා. හාමුදුරුවෝ සෙත් පිරිත් කියන කොට මා දිහා බලලා කිව්වා මේව අර ඩෝබිගෙ පිරුවටේ වගේ තමයි කියලා. ඒ නිසා හැම දේශපාලකයෙක්ම හිතන්න ඕන තනතුරු තාවකාලිකයි කියන එක.

    ReplyDelete
Previous Post Next Post