කොළඹ සහ දිවයිනේ සෙසු ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැකකරුවෙකු සැලසුම් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ එවැනි කිසිදු සිදුවීමක් හෝ තොරතුරක් බලධාරීන් වෙත වාර්තා වී නොමැති බවයි.
එම වාර්තා "සම්පූර්ණයෙන්ම අසත්‍ය" බවත්, මහජනතාව ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්'ගේ සමීපතමයෙකු ප්‍රහාර සැලසුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
ජා-ඇල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී කංජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා තහවුරු කළේය.
එහෙත්, එම පුද්ගලයා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බවට පළවන ප්‍රකාශ ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

කංජි ට ප්‍රශ්ණයක් නෑ නේද? බන්දුල ගුණවර්ධන පැහැදිලි කරලා දුන්න මතකනේ, කංජිපාණිට ඇප දීල නිදහස් කරා නේ, පොලිස් නිලධාරියෙකුට බාධා කරපු වරදට, පොඩ්ඩක් කෑ ගහලා. ඒකට ඇප දුන්න ගමන් කංජිව නිදහස් කෙරුවා, අනික් වැරදි වලට නඩු තියෙනව ඒව අදාල නෑ, අවුරුදු 10ක හිර දඬුවමක් විඳිමින් හිටියා, ඒක අදාල නෑ, පොලිස් කාරයට බැන්න එකට ඇප දුන්න, හැරෙන තැපෑලෙන් නිදහස්, ඔන්න ඔහොමයි ආණ්ඩු කෙරුවාව, අවුරුදු 76 ම තිස්සේ එහෙමයි. මෛත්‍රීපාල සිරිසේන ජූඩ් ශ්රමන්ත ජයමහ ව නිදහස් කෙරුව, ඒකනම් කමක් නෑ කියමුකෝ එක මිනී මැරුමක් විතරනේ, අනික සිරිසේනට හොඳට මුදලකුත් ගෙව්වනේ ඩීසල් නැව් 3ක් ගන්ඩ ඇති වෙන්ඩ, ගෝඨා සුනිල් රත්නායක ව නිදහස් කෙරුවා, මහින්ද මොනිකා ප්‍රනාන්දු ව නිදහස් කෙරුවා, සිරිසේන කුරේ, සොත්ති උපාලි ට කිව්වේ අපේ පුතෙක් කියලා, ඩී.බී. විජේතුංග මිනීමරුවන්ව නිදහස් කෙරුවා, ඉතින් ඔහොම තමයි, ලංකාවේ ආරක්ෂිතම රස්සා තමයි ඒ දවස් වල ආණ්ඩු අනුව ඔය පිරිස කරලා තියෙන්නේ. කංජිපාණිව කුදලන් ආවොත් අරන් එන්නේ මේ ආණ්ඩුවෙන් විතරයි. -- ආපහු කියන්නේ, අල්ල ගත්ත කංජිපාණි ව කලින් ආණ්ඩුවෙන් නිදහස් කෙරුවා.
ReplyDeleteකංජිපාණියව නිදහස් කලාද? ඌට උසාවියෙන් ඇප දුන්නද?
DeleteThopi koti JVP sakkiki Sunil Rathnayaka is a Deep penetration unit hero he has to kill a man because he was in Ltte area for a mission
Deleteකංජිපාණි කුමාර ! අපි මාලිමාවට මාලිමාව අපිට !
Deleteචන්ද්‍රිකා ඇතුළුව පත්වේච්ච ඔක්කොම ආණ්ඩු කප්පරක් මිනිස්සු මරපු පොදු දේපොළ කෝටි ප්‍රකෝටි ගණනක් විනාස කරපු ජෙප්පන්ට ත්‍රස්ත වාදීන්ට නිදහස දුන්නේ...
ReplyDeleteකංජිපානි කරන්නේ මාලිමා ආණ්ඩුවේ කොන්ත්රාත්නේ.ඉතින් ඵයා කුදලන් ඵයිද මේ කාලේ.ඵ්ක හීනයක්
ReplyDelete