ඕස්ට්‍රේලියාවේ ණය මුදලක් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් කිසියම් පාර්ශ්වයක් විසින් වංචා කිරීමේ සිද්ධිය පිටුපස ශ්‍රී ලංකා මහ බැංකුවේ ද දායකත්වයක් පවතින බවට 'ෆ්‍රී ලෝයර්ස්' (Free Lawyers) සංවිධානය නියෝජනය කරමින් හිටපු ආණ්ඩුකාරවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් බරපතළ චෝදනා එල්ල කරති.
හිරු ප්රවෘත්ති නාලිකාව සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මූල්‍ය ගනුදෙනුව සඳහා අවශ්‍ය බැංකු ගිණුම් සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම සහ ඊට අදාළ ලිපි ගනුදෙනු සියල්ල සිදු කර ඇත්තේ මහ බැංකු නිලධාරීන් විසින් බවයි.
අදාළ මුදල ගෙවීමට පෙර ඒ පිළිබඳව මහ බැංකුවෙන් විමසූ අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය ද ලබා දී ඇති බව ඔවුන් අනාවරණය කරයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙම සිදුවීම හැකර්වරුන් විසින් සිදු කරන ලද 'සයිබර් ප්‍රහාරයක්' ලෙස හඳුන්වා දුන්නද, එය සම්පූර්ණ අසත්‍යයක් බව මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ මුදල ගෙවන ලෙස දන්වමින් ලැබුණු ලිපියක සඳහන් දුරකථන අංකයට කතා කර, ගිණුම් අංක පවා තහවුරු කර ගැනීමෙන් පසුව මෙම මුදල් හුවමාරුව සිදු කර ඇති බවයි. එබැවින් මෙය සැලසුම් සහගත මූල්‍ය වංචාවක් මිස හැකර් ප්‍රහාරයක් නොවන බව ඔහුගේ මතයයි.
මෙම මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වී මාස හයකට අධික කාලයක් ගත වී ඇතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙතෙක් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව මෙහිදී හෙළි විය.
රජය පවසන පරිදි මෙය පරිගණක අපරාධයක් නම්, ඒ පිළිබඳව පැය 24ක් ඇතුළත මහේස්ත්රාත්වරයාට වාර්තා කළ යුතු වුවද එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර සිටින පුද්ගලයාට මහා භාණ්ඩාගාරය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවත්, ඔහු ඕස්ට්‍රේලියාවේ අසාර්ථක ව්‍යාපාරිකයෙකු බවත් පවසන හිටපු ආණ්ඩුකාරවරුන්, මෙවැනි දුර්වල කළමනාකරණයක් යටතේ භාණ්ඩාගාරයේ මුදල් සුරක්ෂිත නොවන බව පවසති.
එමෙන්ම විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් බරපතළ වගකීමක් ගත යුතු බව ඔවුහු අවධාරණය කරති.
අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට නම්, මුදල් අමාත්‍ය ධුරයෙන් ජනාධිපතිවරයා ඉවත් වී වෙනත් අයෙකු පත් කළ යුතු බවත්, වත්මන් ලේකම්වරයා ද වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
දැනට අනාවරණය වී ඇති පරිදි මෙම මුදල් අමෙරිකා එක්සත් ජනපදයේ ගිණුම් වෙත ගලා ගොස් ඇති අතර, වත්මන් පාලනය යටතේ එම මුදල් යළි මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔවුහු සඳහන් කළහ.

මහා භාණ්ඩාගාරය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවත්, ඔහු ඕස්ට්‍රේලියාවේ අසාර්ථක ව්‍යාපාරිකයෙකු බවත් පවසන හිටපු ආණ්ඩුකාරවරුන්
ReplyDeleteTHAT IS THE BEST QUALIFICATION TO BE A NPP MEMBER
ALSO GIFT POSITIONS GIVEN BY AKD TO EARN
නිසි දැනුමක් තිබිලද ඔය 159 + 1 පත් වුනේ? ගොන්නු බඳින කනු ඔයිට හොඳයි.
Deleteඋන්ට තිබ්බ එකම සුදුසුකම බොරු කියන එකයි, කතෝලික, ක්‍රිස්තියානි පල්ලියට කඩේ ගියපු එකයි විතරයි.
Not the hackers just pack up and get lost NPP morons.
ReplyDeleteආරියතිලක
ReplyDeleteනිලධාරීන් වශයෙන් නීතියට පිටින් කවුරු අනුමැතිය දුන්න ද
පාර්ලිමේන්තුවට වගකිව යුතු වන්නේ විෂය භාර අමාත්‍යවරයා ය. සාමූහික වශයෙන් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා සහිත අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. විෂය භාර මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා බැවින්, ඔහු සෘජුව පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. සාමූහික වගකීමෙන් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. මේ වගකීම බැහැර කොට නිලධාරී පිට දමා නිදහස් වීමට උත්සාහ කිරීමට උත්සාහ කරනවා නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍යයයේ බල ප්‍රකාරව,
ජනාධිපතිවරයෙක් පත් කොට, ආමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහජන මුදලින් නඩත්තු කිරීමටද යන්න අප නො අසන්නේ, එය ජනතා පරමාධිපත්‍යයයේ බලයට කරන අපහාසයක් නිසාවෙනි. එසේ නම් කුමක් ද කළ යුත්තේ ? . ජනතා පරමාධිපත්‍යයයේ බලය ප්‍රකාරව තම යුතු කම් ඉෂ්ට නො කොට ජනාධිපතිවරයෙක් සිටීම රටට කරන මහත් හානියකි. හෑල්ලුවකි. ලැජ්ජාවකි. අමාත්‍ය මණ්ඩලයේ කවරෙකු හෝ තම විෂයට අදාල වගකීම නො දරන්නේ නම් එය රටට කරන මහත් වූ හානියකි. රාජ්‍යයට කරන් මහත් ම මදි පුංචි කමකි. රටේ රාජ්‍යයේ කීර්තිය හෑල්ලු කර දැමීමකි.
අපට විමසිය යුතු ප්‍රශ්න කීපයකි.
1. මෙම වංචනික ගණු දෙනුව නිශ්චිත ලෙස සිදු වූයේ කවදා ද?
2.මෙම වංචාව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා දැන ගත්තේ කවදා ද?
3. මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කෙළේ ද? ඒ කවදා ද?
4. මේ මූල්‍ය වංචාව බරපතල ලෙස රාජ්‍යට කළ අපරාධයකි. පොදු දේපොළ යටතට ද වැටේ. මෙම වංචාව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා නීතියමය වශයෙන් ක්‍රියා මාර්ග ගත්තේ ද? අධිකරණයට කරුණු වාර්තා වන ලෙස ක්‍රියා කළේ ද?
5. රාජ්‍ය මූල්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවථාවේ ප්‍රතිපාදනවලට සෘජුව යටත් බැවින් මෙම වංචාව පිළිබඳව, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා බැදී ඇති බැවින් එසේ කර නැත. මෙය රටේ ජනතා පරමාධිපත්‍ය නො සලකා හැරීමක් බැවින් 2024 ජනාධිපතිවර මැතිවරණ වේදිකාවේ ප්‍රකට පොරොන්දුවක් වන " නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස ඇති කරනවා" යයි කියු ප්‍රකාශ සමඟ අප මෙය කෙසේ ගලපා ගත යුතු ද?
6. පැරණි සිංහල කියමනක් තිබේ. එනම්,
" කටේ නරිවාදම ලෙද්ද පල්ලෙන් බෙරේ" යනුවෙනි.
මෙකී සිංහල කියමන ජන ව්යහාරට පත් වී ඇත්තේ
" නීතියේ ආධිපත්‍යය සැමට එක ලෙස ඇති කරනවා" යයි කියා ඊට හාස්පසින් වෙනකක් කරන මේ ආකා මිනිසුන් නිසා ද? යන්න ද විමසිය යුතු.
ආරියතිලක