කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ සඳහා කල් ඉකුත් වූ ප්‍රතික්‍රියක භාවිත කිරීම සම්බන්ධයෙන් නිකුත් වූ විගණන වාර්තාවට අදාළ විමර්ශන ප්‍රමාද වීම බරපතළ සැකයට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, අදාළ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි සහිතව පැමිණිලි කර වසරකට ආසන්න කාලයක් ගත වුවද, මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි.
පසුගිය කාලසීමාව තුළ කොළඹ ජාතික රෝහලේ රසායනාගාර කටයුතු සඳහා කල් ඉකුත් වූ ප්‍රතික්‍රියක භාවිත කරමින් රෝගී පරීක්ෂණ සිදු කිරීම, කල් ඉකුත් වීමට ආසන්න ප්‍රතික්‍රියක මිලදී ගැනීම, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කළ අක්‍රමිකතා රැසක් විගණන විමසුම මඟින් අනාවරණය කර තිබිණි.
මෙම අක්රමිකතාවලට එවකට ජාතික රෝහලේ සේවය කළ රෝහල් පරිපාලකයන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ රසායනාගාර නිලධාරීන් රැසක් වගකිව යුතු බවට විගණන වාර්තාව මඟින් කරුණු පෙන්වා දී ඇත.
මෙම දූෂණවලට සෘජුව සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති නිලධාරීන් රැසක් වර්තමාන රජය යටතේ ද සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ නිලතල දැරීම විමර්ශන ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බවට වෛද්‍ය චමල් සංජීව මහතා සැක පළ කරයි.
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ මෙවැනි දූෂණ හා අක්රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව අප අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා දැනුවත් කළා. නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. පැහැදිලි සාක්ෂි තිබියදීත් වැරදිකරුවන්ට දඬුවම් නොදීම රජය විසින් මහජන විශ්වාසය කඩ කිරීමක්," යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අයිසෙ චමල් සංජීව තවුසෙගෙ ඔය ලබ්බවල් හොයනවට වඩා සානිට වැඩ තියෙනවා. වළන් හෝදල දෙන්නෙ රවියද?
ReplyDeleteඅපි ඔත්තෙ දවස්වල කඩදාසියෙන් පුක පිහිදමු!
ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු
වරද තමන්ගේ අයගේ නම්, පරීක්ෂණ ප්‍රමාද වෙනවා. විරුද්ධ පක්ෂ වල අයගේ නම් ඉතාම ඉක්මනින් පරීක්ෂණ පවත්වයි.
ReplyDelete