පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ජීවන දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන් පනහක් පමණ සිය ජීවනෝපාය සපයා ගැනීම සඳහා තමන් සතු ඉඩකඩම් ඇතුළු දේපළ විකුණා දැමීමට මේ දිනවල සැලසුම් කරමින් සිටිති.
මෙසේ දේපළ විකිණීමට සූදානම් වන පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමසිරි මානගේ සහ එස්.කේ. සුබසිංහ යන මහත්වරුන් ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රේමසිරි මානගේ මහතා පවසා සිටියේ විශ්‍රාම වැටුප අහෝසි වීමත් සමඟ මතුව ඇති මූල්‍ය අර්බුද හමුවේ තම පවුලේ අයට හිමි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට කටයුතු කරමින් සිටින බවයි.
තවත් මන්ත්‍රීවරුන් රැසක් මෙවැනිම තීරණ ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි මස 17 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත විය.
එම නීතිමය තත්ත්වය අනුව පෙබරවාරි මස මුල් දින 17 සඳහා වන විශ්‍රාම වැටුප් කොටස ලබා ගැනීමට හිටපු මන්ත්‍රීවරුන්ට නීත්‍යනුකූල අයිතියක් පවතී.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් එම මුදල් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව හිටපු මන්ත්‍රීවරු චෝදනා කරති.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම හිඟ දීමනා ලබා දෙන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ හිටපු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ කලත්‍රයන් ඇතුළුව පන්සියයකට (500) අධික පිරිසකගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අහිමි වී ගොස් තිබේ.

ගොවිතැනට බැහැපල්ලා
ReplyDeleteRealestate prices will drop due to excess supply.
ReplyDeleteTrue ☺☺
DeleteYou came to do a public service we never asked you guys to contest. You choose this to sacrifice everything our benefit. Now do it.
ReplyDelete