පුත්තලං මුහුද රළු වෙයි.. ගල් අගුරු බාන්න අමාරුයි.. නැවු ඇවිත් බලා සිටී...

 


පුත්තලම මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

පවතින තත්ත්වය මත සැලසුම් කළ නෞකා ප්‍රමාණය ගොඩබෑමට නොහැකි වීමෙන් ඉදිරියේදී ගල්අඟුරු හිඟයක් මෙන්ම අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට ද රජයට සිදුවනු ඇත.

අප්‍රේල් 8 වැනිදා මෙරටට පැමිණි මෙම නෞකාවේ ගල්අඟුරු ගොඩබෑමට තවමත් දැඩි උත්සාහයක නිරත වීමට සිදුව ඇති අතර, එය අවසන් කිරීමට තවත් දින 8ක් පමණ ගතවනු ඇතැයි ගණන් බලා ඇත.

ගල්අඟුරු තොග රැගෙන පැමිණි HCL Chicago, Ultra Confidence සහ Yasa Mars යන නෞකා තුන මේ වන විටත් මුහුදේ පෝලිමේ රැඳී සිටියි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මස අවසන් වීමට පෙර තවත් නෞකා දෙකක්වත් ගොඩබෑමට හැකි වේද යන්න සැක සහිත මට්ටමක පවතී.

Trident Chemphar සමාගම හරහා මුලින් නෞකා 25ක් ගොඩබෑමට සැලසුම් කර තිබුණද, වාරකන් සමය ආරම්භ වීමට පෙර උපරිම වශයෙන් ගොඩබෑ හැක්කේ නෞකා 20ක් පමණක් බව පෙනෙන්නට තිබේ.

මෙම ප්‍රමාදය නිසා නෞකා 5ක ගල්අඟුරු ප්‍රමාණයක්, එනම් මෙට්‍රික් ටොන් 300,000ක් (60,000 × 5) මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

මීට අමතරව, පෙර වසරේ Potencia ගිවිසුම අවලංගු වීම නිසා ඇති වූ හිඟය පියවීමට Taranjot සමාගම හරහා ඇණවුම් කළ හදිසි ගල්අඟුරු නෞකා 5ක් ද ගොඩබෑමට නියමිතව පවතී.

නෞකා ගොඩබෑම ප්‍රමාද වීම හේතුවෙන් වරාය ප්‍රමාද ගාස්තු ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම වැළැක්විය නොහැකි බවත් නිරීක්ෂණය වේ.

7 Comments

  1. no problem

    will settle by pelawatta account

    ReplyDelete
  2. රටට සාපයක් වෙලා

    ReplyDelete
  3. ලංකාවේ ගොන් ජනතාව වැඩකාරයෝ එළවලා කයිවාරු කාරයන්ට රටදීමේ ප්‍රතිඵලය..මේ JVP හැටිකරේ සුපිරියටම රටට කෙලවලා තමයි පස්ස බලන්නෙ

    ReplyDelete
  4. හෙන මූසලයි මුන්. වැරදි විදියටනෙ ආවෙ

    ReplyDelete
  5. Kaiya නායක දෙවි පිහිටයි.

    ReplyDelete
  6. මුහුද රලුයිලු 🤣🤣දැන්ද දන්නෙ කලින් සන්නෙ නැහැ 🤣 පොඩ්ඩක් කප්පනා කොරලාඅ බලන්න නැව ආවෙ කොහෙ ඉදන්ද ඩොබිලාට කියන්න බලා දෙයි රටෙ රිලා ඉන්නෙ 2වසරට 🤣🤣💩💩💩💩💩🤮

    ReplyDelete
  7. oka aluth deyak newei hema awuruddakama ohoma thamai,

    ReplyDelete
Previous Post Next Post