රනිල් සිංගප්පූරු රෝහලට ගියේ ලංකාවේ ගියා නම් දොස්තරලාගෙන්CID ප‍්‍රශ්ණ කරන නිසා..

 


සිංගප්පූරුවේදී සාර්ථක හෘද සැත්කමකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සුවය ලබා පසුගිය බ්‍රහස්පතින්දා යළි දිවයිනට පැමිණියේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාලසීමාව තුළ වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකුම පැමිණ තිබේ.

සිංගප්පූරු හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෙයෝ (George Yeo) මහතා ඒ අතර ප්‍රමුඛ වන අතර, ඔහු හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සුහද කතාබහක නිරත විය.

මීට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ද සිංගප්පූරුව බලා ගොස් තම නායකයාගේ සුවදුක් විමසා ඇති අතර, මාර්තු 24 වැනිදාට යෙදුණු ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ද සුබපැතුම් එක් කර ඇත. වෛද්‍ය උපදෙස් මත සෞඛ්‍යාරක්ෂිත දුරස්ථභාවය පවත්වා ගනිමින්, චාම් ලෙස උපන්දින කේක් ගෙඩියක් කැපීමට ද එහිදී පියවර ගෙන තිබේ.

සම්පූර්ණ සුවය ලැබීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස දෙකක කාලය තුළ දේශපාලන කටයුතුවලින් බැහැරව විවේකීව ගත කිරීමට නියමිතය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර පසුගියදා පැවැති දිවා භෝජන සංග්‍රහයකදී, හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා විදේශගත වීමට ගත් තීරණය පිළිබඳව සාකච්ඡා වී තිබේ.

එහිදී තානාපතිවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, මීට පෙර කොළඹ ජාතික රෝහලේදී රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් හත්දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනිමින් ඔවුන් පීඩාවට පත්කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් තුළ, තමන්ට ප්‍රතිකාර කිරීම හේතුවෙන් මෙරට වෛද්‍ය වෘත්තිකයන් යළිත් එවැනි අපහසුතාවලට හෝ හිරිහැරවලට ලක්වීම වැළැක්වීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

5 Comments

  1. මේක තනිකරම කුහක,කුඩුකේඩු,උද්ධච්ච බලු ආණ්ඩුවක්

    ReplyDelete
  2. මොන බොරුද? අවුරුදු 60ක් තිස්සේ මොනවද රටට කලේ? ගොං නාම්බන්ට ඇමතිකම් දුන්නා. හරියට රට සංවර්දනය කරානම් පිට රටවල සෞඛ්‍ය සේවය පතන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඩෝබිට රිදිල

      Delete
    2. මාලිමා තොපිට කෙලෙහි ගුණ නෑ. රනිල් නැත්නම් තොපි තාම විපක්ෂයේ. මහ මැතිවරණය කලින් තියන්න කියා බැසිල් කොච්චර කීවත් රනිල් ඒක කලේ නෑ. මහ මැතිවරණය කලින් තිබ්බා නම් ඔය පාපිසි පැරදිලා ජෙප්පෝ 50-60 ක් දිනනවා. ජනාධිපතිවරණය කැඳවලා පළමු වෙනියටම සිලින්ඩරෙන් ඡන්දය ඉල්ලුවේ සජිත් පරදා අනුර දිනවන්නයි. රනිල් තමාගේ දෙවෙනි මනාපය සජිත්ට දෙන්න කීවා නම් අද අනුර නෑ. මාලිමාව බලයට ගේන්න රනිල් සහ ජූලි චන් හරහා ඇමරිකාව උපකාරය කළේ ගොබ්බ සජිත් පරද්දවන්නයි. උඹලා රනිල්ගේ පිළිරුවට දිනපතා වැඳිය යුතුයි.

      Delete
    3. පට්ට ආතල් ඩෝබීලා ඉන්නේ..
      ජෙප්පෝ හැම එකටම විරුද්ධ වෙලා වැඩ වර්ජන උද්ගෝෂණ කරපු හින්ද තමයි රටේ කිසි දෙයක් වෙනස් කරන්න බැරි උනේ.
      ඇයි අර ලාල් කන්තයම අන්තිමට කිව්වේ..
      තොපි තමයි 60 අවුරුදු සාපේ ..

      Delete
Previous Post Next Post