මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් රජය පවසන පරිදි එය සයිබර් ප්‍රහාරයක් නොව, නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවූ සැළසුම් සහගත මූල්‍ය වංචාවක් බව නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් අවධාරණය කරති.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ ඉතාමත් විමසිලිමත් ලෙස අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් බවයි.
රජය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙය හැකර්වරුන් විසින් සිදුකළ සයිබර් ප්‍රහාරයක් ලෙස හඳුන්වනු ලැබුවද, සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
සාමාන්‍යයෙන් සයිබර් ප්‍රහාරයකදී සිදුවන්නේ පරිගණක පද්ධතියකට ඇතුළු වී හොර රහසේ මුදල් ලබා ගැනීම වුවද, මෙහිදී සිදුව ඇත්තේ ලිපියක් මගින් මුදල් ඉල්ලා සිටීමකි.
විශේෂයෙන්ම, මෙම මුදල් අදාළ සැකකටයුතු ගිණුමට බැර කිරීමට ප්‍රථම, භාණ්ඩාගාර නිලධාරීන් විසින් එම ලිපියේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී බැංකු ගිණුම් අංකය නිවැරදි බව තහවුරු කරගෙන ඇති බව එම මහත්වරු හෙළි කරති.
එවැනි තහවුරු කරගැනීමකින් පසුව මුදල් මාරු කිරීම කිසිසේත්ම සයිබර් ප්‍රහාරයක් ලෙස හැඳින්විය නොහැකි බවත්, එය පැහැදිලි වංචාවක් බවත් ඔවුන් පෙන්වා දෙති.
මෙම වංචාව සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයක් (DTA) වෙත ගෙවීමට තිබූ ණය වාරිකයක් සම්බන්ධයෙනි. ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 25ක මුළු ණය මුදලින් ඩොලර් මිලියන 22.9ක් පමණ ගෙවීමට තිබූ පසුබිමක මෙම වංචාව සිදුව ඇත.
මෙසේ වංචා කරන ලද මුදල් මේ වන විට ඇමෙරිකාවේ බැංකු ගිණුම් වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුහු සඳහන් කරති.
මෙම සිදුවීම පසුගිය ජනවාරි මාසයේ සිට රජය දැන සිටියද, එය ජනතාවගෙන් වසන් කර තිබූ බවට හිටපු ආණ්ඩුකාරවරු චෝදනා කරති.
රජය විසින් අභ්‍යන්තර විමර්ශන පවත්වන බව පැවසුවද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිස් පැමිණිලි අංකයක් (CIB) හෝ අධිකරණ වාර්තා අංකයක් (B Report) ඉදිරිපත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව ඔවුහු පවසති.
එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය යන ආයතන දෙකම මෙම ගනුදෙනුවට සම්බන්ධ වී ඇති අතර, මහ බැංකුව විසින් අදාළ ගිණුම විවෘත කිරීමට සහ මුදල් ගෙවීමට අනුමැතිය ලබා දී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම බරපතල මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් වගකීම භාරගෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම තනතුරින් ඉවත් කළ යුතු බව මෛත්‍රී ගුණරත්න සහ කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් අවධාරණය කරති.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පළපුරුද්දක් නොමැති පුද්ගලයින් මෙවැනි ඉහළ තනතුරු වලට පත් කිරීම මෙවැනි විනාශයන්ට මග පාදා ඇති බව ඔවුන්ගේ මතයයි.
රටේ ජනතාවගේ බදු මුදල් මෙලෙස අස්ථානගත වීම සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිද පෙනෙන සුළු විමර්ශනයක් අවශ්‍ය බවත්, එතෙක් වර්තමාන නිලධාරීන් යටතේ පවත්වන පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත් හිටපු ආණ්ඩුකාරවරුන් වැඩිදුරටත් කියා සිටිති.
මේක හැකර් ප්‍රහාරයක් නෙමෙයි. පල් හොරා දාතු අඟුරු කුමාර බදු කොටා ෆකර් ගේ ජෙබි ප්‍රහාරයක්.
ReplyDelete100%
DeleteHa hodai...odanna pukawal katha nokara idapan pako
ReplyDeleteKatha kalu kota arinne rajapaksalage Arili dan sapada....
ReplyDeleteKari vesavo....
kauru kohoma kiuwath meka meka jeppo hora kawaa loweth.minssu jeppanta dipu aseemith ballaya thama ekata hethuwa.un hithanawa un mona kalath minissu unwa vishwasa karai kiyala.eka nisa thama me game eka dunne.un dannawa minissu unge pachawalata ahuwela chande dunnu bawa.eka nisa thama me thawath boru kiya kiya andawanne
ReplyDelete