භාණ්ඩාගාර ඩොලර් ගේම දුන්නේ හැකර්ලා නෙවෙයි.. ගනුදෙනුවේ emails, love leters වගේ.. සොරා කෑ මුදල් ඇමරිකා බැංකුවකට..


ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන
2.5(රුපියල් කෝටි 80කට අධික) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරුන් වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් "Truth with Chamuditha" නාලිකාව සමඟ පැවැත්වූ සංවාදයකදී කරුණු රැසක් අනාවරණය කර තිබේ.

මෙම මූල්‍ය අලාභය හැකර් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවට රජය පාර්ශවයෙන් අදහස් පළ වුවද, මෛත්‍රී ගුණරත්න මහතා එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ මෙය "හැකර්ලාගේ වැඩක් නොව භාණ්ඩාගාරය ඇතුළතින්ම සිදුවූ ඩීල් එකක්" බවයි.

මෙම ගනුදෙනුව සඳහා අදාළ පාර්ශව අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ ඉතාම ලිහිල්, "ලව් ලෙටර්ස්" (Love Letters) වැනි ස්වභාවයක් ගත් බවත්, "සල්ලි නැත්නම් ලබන සතියේ දෙන්න" වැනි පණිවිඩ පවා එහි තිබූ බවත් හිටපු ආණ්ඩුකාරවරු අනාවරණය කළහ.

සාමාන්‍යයෙන් භාණ්ඩාගාරයෙන් මුදලක් පිටතට ගෙවීමේදී අනුගමනය කළ යුතු නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත දැඩි අනුමත කිරීමේ ක්‍රියාවලියක් පවතින බව මෙහිදී පෙන්වා දෙන ලදී. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අට දෙනෙකු සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ තවත් හත් දෙනෙකු හරහා ගොස් අවසානයේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලැබිය යුතු වුවද, මෙම ආරක්ෂිත පියවරයන් සියල්ල සපුරා මුදල් පිටවී තිබේ.

මෙහිදී වත්මන් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් විය. ඔහුට ප්‍රාදේශීය ලේකම්වරයෙකු හෝ අතිරේක ලේකම්වරයෙකු ලෙස රාජ්‍ය සේවයේ පූර්ව අත්දැකීම් නොමැති බවත්, එවැනි අත්දැකීම් රහිත පුද්ගලයෙකු මෙවැනි තීරණාත්මක තනතුරකට පත් කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම සිදුවීම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදුවුවද, මාස හතරක් යනතුරු රජය මෙය මහජනයාගෙන් සඟවා තැබූ බවට ඔවුහු චෝදනා කරති. එමෙන්ම, මීට සමාන ආකාරයට ඉන්දියාවට ගෙවීමට ගිය ඩොලර් මිලියන ගණනක මුදලක් වංචා කිරීමට දැරූ උත්සාහයක් භාණ්ඩාගාරයේ පහළ මට්ටමේ ලිපිකරුවෙකුගේ විමසිලිමත් භාවය නිසා වැළකී ගිය බවත්, මෙම වංචාව හෙළි වූයේ ඉන් පසුව බවත් මෙහිදී අනාවරණය විය.

අස්ථානගත වූ මුදල් ඕස්ට්‍රේලියාවට නොව ඇමරිකානු බැංකුවකට ගොස් ඇති බවට සැක කෙරේ. මෙම සිදුවීම නිසා මහා භාණ්ඩාගාරය මෙතෙක් සිදු කළ සියලුම විදේශ ගෙවීම් පිළිබඳව සාධාරණ සැකයක් මතු වන බවත්, මේ පිළිබඳව වහාම ස්වාධීන කොමිෂන් සභාවක් පත් කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කළේය.

මෙම මූල්‍ය වංචාව හුදෙක් මුදල් අස්ථානගත වීමක් පමණක් නොව, මෙරට රාජ්‍ය පරිපාලන සේවයේ සහ මූල්‍ය කළමනාකරණයේ පවතින බරපතළ බිඳ වැටීමක් ලෙස හිටපු ආණ්ඩුකාරවරු පෙන්වා දෙති.

11 Comments

  1. අපි මාලිමාවට මාලිමාව අපිට !

    පසුගිය වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතුයි

    ReplyDelete
  2. කබර කොටාටයි, උගේ පච ආන්ඩුවටයි දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දීලා. මුලු ලෝකයම දැනගත්තා මහා භාණ්ඩාගාරයේ සල්ලි හොරකම් කලේ මොවුන් කියලා. උඹලාට තව පල දුන්නේ නෑ. මේ පටන් ගත්තා විතරයි.දැන්මම හිරේ යන්න ලෑස්ති වෙයල්ලා

    ReplyDelete
  3. වැනි අත්දැකීම් රහිත පුද්ගලයෙකු මෙවැනි තීරණාත්මක තනතුරකට පත් කිරීම


    ehema nathuwa horakawahakida yako

    ReplyDelete
  4. මුදල් ලේකමා ව්දිහට උඩින් ගෙනල්ලා පාත් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙ සාමාන්‍ය පාසලක ගිණුම් ලිපිකරුවෙක්.

    ReplyDelete
    Replies
    1. NANDElAL ekale school principal

      Delete
  5. Maalimaawata pXXX diipu thopita den sepadaa?
    Mee weesigeputhaaala yannne thopita pxxxxx eralaa

    ReplyDelete
  6. එහෙම කියන්න එපා. අපි ලංකාව රාජ්‍ය බලය අල්ලා ගන්නට හදන්නේ. Honde. E අයියෝ සැක ද?

    ReplyDelete
  7. ඇයි අඟුරු කුමාරලා ටැංකි බිමල්ලා වඳුරු කුමාරලා මරිෂි විලා ලාල්ලා විතරද හොරකං කරන්න ඕනෙ
    මොකක්ද මම කරහම තියෙන වැරැද්ද

    ReplyDelete
  8. Tin Tin ge weera kriya nemei dan tiyenne... AKD ge GON kriya 😂

    ReplyDelete
  9. මේක බලල හරි තම තමන් දියුණු වෙන්න බලපල්ලා
    https://youtube.com/shorts/sXEmlrA70II?si=9Wy0mQcYxaILTxQ1

    ReplyDelete
Previous Post Next Post