රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
වෛද්‍ය ස්ථානමාරු දේශපාලනිකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාව කඩාකප්පල් කිරීමේ උත්සාහයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුලින්ම ක්‍රියාත්මකයි.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු තීරණ හරහා සිදු කරන ලද අක්‍රමිකතාවන්ට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්ත වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියා මාර්ග මාලාවක් සිදු කරන ලදී.
නීත්‍යානුකූල සහ පිළිගත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින්, දේශපාලන බලය අවභාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අත්තනෝමතික ලෙස මැදිහත් වෙමින් අක්‍රමිකතා අඛණ්ඩව සිදුකිරීම පිළිබඳව විරෝධය පෑම එහි අභිප්‍රාය විය.
රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු සම්බන්ධව නීතිරිති හා කාර්ය පටිපාටින් සඳහන් වන්නේ ආයතන සංග්‍රහයේය. ඒ අනුව, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ මෙන්ම විශේෂඥ සහ පරිපාලන වෛද්‍යවරුන්ගේද ස්ථානමාරු පිළිබඳ කටයුතු කිරීමේදි නිත්‍යානුකූල පදනම වන්නේ මාරු මණ්ඩලය තුලින් කටයුතු කිරීමයි.
ප්‍රකාශිත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුවේ සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුවේ පහත ගැටලු නිවැරදි විය යුතුය.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙ ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීම.
ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් පුරප්පාඩු ලැයිස්තුව දේශපාලන බලය යොදා ගනිමින් අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම.
පිළිගත් නිර්ණායක සහ ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින්, පාර්ශවකරුවන්ගේ එකඟතාවය සහ ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සේවා ස්ථාන 393 සිට 265 දක්වා කප්පාදු කිරීම.
දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට සුදුසුකම් ලැබීම සඳහා දුෂ්කර සේවා ස්ථානයක සේවය කල යුතු අවම කාලය වසර 01ක සිට වසර 02ක් දක්වා අත්තනෝමතික ලෙස වෙනස් කිරීම.
අදාල වෛද්‍යවරුන් කණ්ඩායම පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට අයදුම් කල පමණින් දේශපාලන බලය අවභාවිතා කරමින් සිදු කල ඉහත අනීතික සහ අක්‍රමික ක්‍රියාවන් කිසිවක් සාධාරනිකරණය කල නොහැක. එම වෛද්‍යවරුන් අයදුම් කරනු ලැබුවේද රාජ්‍ය බලය යොදා ගනිමින් විවිධ පාර්ශව හරහා ඔවුන්ට සිදු කල තර්ජන සහ පිඩාවන් මධ්‍යයේ බව නොරහසකි.
ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මෙම ගැටල පිළිබඳ සාකච්ඡාවක් එළඹෙන 2026.04.09 වැනි දින පැවැත් වීමට නියමිත අතර එහිදි පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ලැයිස්තුවට අදාල ගැටලු සාකච්ඡා කිරීමට නියමිතය.
එහෙත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් නීති විරෝධි ලෙස පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව අදාල සාකච්ඡාවට පෙර කඩිමුඩියේ ප්‍රකාශයට පත් කිරීමේ “විශේෂ” උත්සහායක් දරමින් සිටින බව තොරතුරු ලැබි ඇත.
වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවා ගැටලුව සද්භාවයෙන් යුතුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදානම්ව සිටියදීත්, මෙලෙසින් වෘත්තීමය නොවන සහ සදාචාර විරෝධි ලෙස හැසිරීම කිසිසේත් පිළිගත නොහැක.
සාකච්ඡා මේසයේදි ගැටලුව විසදා ගැනීම අරමුණට ප්‍රතිවිරුද්ධ ලෙස යම් පාර්ශවයන් ක්‍රියාකරමින් පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ දුෂ්කර සේවා ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට උත්සහ කරන්නේ නම් ඉන් ඔබ්බට ඕනෑම මොහොතක වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට පසුබට නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ තීරණයයි.
එබැවින් වඩාත් වෘත්තීමය ලෙස හැසීරෙමින් සහ දේශපාලන සදාචාරය සුරකිමින් විශ්වසනියත්වය රැකෙන පරිදි ගැටලු විසදා ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ක්‍රියා කල යුතු බව අපගේ විශ්වාසයයි.

මුන් මේ ආන්ඩුවට ගූ බයයි. කොහොමද මහින්ද ගෝටාබය❤ මැතිතුමන්ලට රනිල් මැතිතුමාට දාපු සත්තම. හොද වැඩේ
ReplyDeleteඅගමැතිනිය කියනවා සාම පා ගමනලු.හැබැයි අනුරාධපුරයෙන් උඩට යන්නේ නැහැ.මොකද අනුරාධපුරයෙන් උඩට ගියොත් වෛරය නේ පතුරවන්නේ? මොකක්ද අපි අතර යන සාම පා ගමන? උතුරයි දකුණ යි අතර නේ සාම පා ගමන යන්න ඕනෑ? දැන් අපිටසාම පා ගමනක්වත් අනුරාධපුරයෙන් උඩට යන්න බැහැ.ඒ හාමුදුරුවරැ සුමාන ගාණක් මහා ශිතල ප්‍රාන්ත ඔස්සේ ගියා ඇමෙරිකාවේ.දැන් අපි හුණ්ඩුවක් කීවා හරි නේද?
DeletePodi ekaage liyuma.Sajiyata wage munta th letters gahana ekek innawa.GOMA bloody blastes
ReplyDelete