HSBC ශ‍්‍රී ලංකාවෙන් යන්නම යයි.. අද අවසන් දිනයයි...

 


HSBC බැංකුව මෙරට පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ සේවා අදින් (අප්‍රේල් 30) අවසන් වන බවත්, එම ව්‍යාපාරික කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) වෙත නිල වශයෙන් පැවරෙන බවත් නිවේදනය කර තිබේ.

HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු අංශය අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වූයේ 2025 වසරේ දෙසැම්බර් මාසයේදීය.

දෙපාර්ශවය අතර මීට අදාළ විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුම (Binding Sale and Purchase Agreement) අත්සන් කරනු ලැබුවේ 2025 සැප්තැම්බර් මාසයේදීය.

2026 මැයි 1 වනදා සිට ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෞද්ගලික ණය ඇතුළු 200,000කට අධික පාරිභෝගික පදනමක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යටතට පත්වනු ඇත.

HSBC ශාඛා, ATM යන්ත්‍ර සහ අධිවේගී බැංකු මධ්‍යස්ථාන අද (30) පස්වරු 3:00 ට ස්ථිරවම වසා දැමීමට නියමිතය.

අන්තර්ජාල බැංකුකරණ සේවා, ජංගම යෙදුම් සහ කාඩ්පත් ගනුදෙනු අද පස්වරු 7:00 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර, ඉන්පසු ඒවා අක්‍රීය වනු ඇත.HSBC ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව ද අදින් පසු ක්‍රියාත්මක නොවේ.

මෙම අත්පත් කර ගැනීම හරහා විශාල ගනුදෙනුකරුවන් පිරිසක් සමඟ තම ව්‍යාපාරික ජාලය පුළුල් කර ගැනීමටත්, ආයතනික ඉලක්ක සපුරා ගැනීමටත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට මනා අවස්ථාවක් උදා වන බව වාර්තා වේ.

ඔබ දැනට HSBC පාරිභෝගිකයෙකු නම්, ඔබගේ ගිණුම් සංක්‍රමණය සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් ලැබෙන උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

7 Comments

  1. මෙහෙම දේකුත් තියෙනවා. NTB කියන්නේ අතපසු නොකර නිසිකලට නියමිත පරිදි ගෙවීම් කරන ක්‍රෙඩිට් කාඩ් පත්වලත් සීමාව පල්ලෙහාට දාන ආයතනයක්.කොවිඩ් කාලයේ මිනිස්සුන්ට කාඩ් පත අතිශයින්ම අවශ්‍ය කිසිදු අඩුපාඩුවක් නොකර ගෙවීම් කරපු කාඩ්පත්වල අගයත් මේ බැංකුවෙන් පහල දැම්මා.සමහර විට මූල්‍ය ශක්තිය පහළ වැටීමත් ඒ කාලයේදී අවදානම් දැරීමේ හැකියාව අවම වීමත් හේතු වන්නට ඇති.නමුත් පවරා ගන්නා කාඩ් පත් ණය ගිණුම් වලටත් මේ ක්‍රියාදාමය ම සිදුවූහොත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වග වීමක් දරනවා ද?.

    ReplyDelete
  2. නියමයි

    ReplyDelete
  3. Sahanak ganna amaruma bank ekak thama NTB kiyanne

    ReplyDelete
  4. Sahanayak ganna amaruma bank eka NTB

    ReplyDelete
  5. කාලකන්නි මූසල බැන්කුව්ස්ක් නේශන්ස් ට්‍රස්ට් කියන්නේ. වාරිකයක් දවසක් පරක්කු උනොත් මැරයො දාලා කතා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. Salli gatthanam gewapan bankuwata baninne nathuwa

      Delete
  6. HSBC yannema yanne na bn. Unge Retail Banking eka navaththanava. HSBC Corporate Banking digatama thiyanava.

    ReplyDelete
Previous Post Next Post