HSBC ට වඩා හැකරු විශ්වාසයි.. HSBC දෙවරක් සැකයි කීවත් හැකර ගිණුමට සල්ලි දාලා..


ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී
, එය සැක සහිත ගනුදෙනුවක් (Suspicious Transaction) බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම සහ ලිපි ගනුදෙනු ඇතුළු සියලු කටයුතු මහ බැංකු නිලධාරීන් විසින් සිදු කර ඇති බවයි.

මෙවැනි බරපතල ගනුදෙනුවකදී බැංකුව විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත්, එම මුදල් නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව සෙවිය යුතු බවත්, මහ බැංකුවට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

මෙම මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ රටේ මූල්‍ය පද්ධතියේ පවතින ප්‍රොටෝකෝල (Protocols) නිසි ලෙස අනුගමනය නොවන බවයි.

පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදු විය හැකි බවත්, මීට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජය වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මූල්‍ය පද්ධතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති බව පවසමින් බලයට පැමිණි පිරිස් යටතේ මෙලෙස පද්ධතිය බිඳ වැටීම බරපතල ගැටලුවක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු රටට අනාවරණය විය යුතු බව ද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය

19 Comments

  1. HSBC Arjuna Mahendran

    ReplyDelete
    Replies
    1. නෑ ඩෝබි..... තනිකරම මේක ලපයා හා පැලවත්තේ ඩයි මයිනාගේ ගේමක්

      Delete
    2. හැකරෙක් නෙමෙයි සල්ලි හොරාකෑවේ. අඟුරු කුමාර පල් හොරාගේ ජෙපි ෆකරුන් තමයි සල්ලි හොරාකෑවේ.

      Delete
    3. ඇයි ඩෝබියො තොට රාජ පක්සල අමතක උනාද? උබලගෙ ඩයි මයිනගෙ රෙද්ද අස්සෙ බලපන් හැකරැල්ල හොයාගන්න.

      Delete
    4. අපි මාලිමාවට මාලිමාව අපිට !

      JVP NPP අපි හොරු නෙමෙයි, මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!

      මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?

      Delete
    5. රත්තරන් අස්සයොයි. නාමල් බේබිගෙ ලැම්බෝගිනියි, උගන්ඩාවට ප්ලේන් එකක් පුරෝල ගිය ඩොලර් ටිකයි හොයන්න චන්දෙ දුන්න මෝඩ ඩෝබියන්ට මහ දවල් ලපයා සහ හොරු 40 + 119 කරන හොරකන් හෝදනව ඇරෙන්න වෙන මොනව කරන්නද?

      Delete
    6. මේක ගලගුරුඅ පාඩුව 5 billion වහගන්න හිතල අගුරුකුමරය ගහපු පලන් එකක

      Delete
  2. ඩෝබි බලකාය තාම නැත්තේ මොකද? මුන්ට දැන් ගෙවන්නේ නැද්ද ? වරද තේරිලා පැනල ගිහිල්ලද?

    ReplyDelete
    Replies
    1. හෝදන්න දෙයක් ඉතිරිවෙලා නැති නිසා වෙන්න ඇති

      Delete
    2. මේක ගලගුරුඅ පාඩුව RS 5 billion වහගන්න හිතල අගුරුකුමරය ගහපු පලන් එකක

      Delete
  3. Top Brass will share the cake

    ReplyDelete
  4. හැකරා තමයි බාල ගල් අගුරු වංචාව කරපු හුන්ඩුවා. Arrest him.

    ReplyDelete
    Replies
    1. මේක ගලගුරුඅ පාඩුව 5 billion වහගන්න හිතල අගුරුකුමරය ගහපු පලන් එකක

      Delete
  5. කටින් නම් මේ pachayanta වඩා ලොකු,දක්ෂ අය ලොවෙත් නෑ. කෙරුවාව බිංදුවක්.

    ReplyDelete
  6. නන්දලාල්ටත් මේ වගකීමෙන් ගැලවෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මේක ගලගුරුඅ පාඩුව 5 billion වහගන්න හිතල අගුරුකුමරය ගහපු පලන් එකක

      Delete
  7. තනිකරම මේක ලපයා හා පැලවත්තේ ඩයි මයිනාගේ ගේමක්

    ReplyDelete
    Replies
    1. මේක ගලගුරුඅ පාඩුව 5 billion වහගන්න හිතල අගුරුකුමරය ගහපු පලන් එකක

      Delete
  8. හැකරුන්ට ලස්සන ජිවිතයක්

    ReplyDelete
Previous Post Next Post