විදුලි සමාගම් වැඩ පෙන්නයි.. විදුලි ගාස්තු වැඩි කරන්න PUCSL අනුමැතිය ඉල්ලයි..


2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම' මහජන උපගෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

අප්‍රේල් - ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව මෙම වැඩිකිරීමට ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකට අනුව, මෙම සංශෝධනය සඳහා ප්‍රධාන වශයෙන් යාවත්කාලීන කරන ලද ඉන්ධන මිල ගණන් සහ විදුලි උත්පාදන සැලසුම්වල සිදු වූ වෙනස්කම් හේතු වී තිබේ.

මෑතකදී නිකුත් කරන ලද වර්ෂාපතන පුරෝකථනයන් සහ පද්ධතියට අලුතින් එක් වූ බලාගාර හේතුවෙන් ජනන සැලසුම් වෙනස් වී ඇති බව ජාතික පද්ධති මෙහෙයුම්කරු පෙන්වා දෙයි.

සෝබදනවි බලාගාරයේ ක්‍රියාකාරිත්වය සහ කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ (KCCP 2) ජනන කටයුතු සැලසුම්ගත පරිදි සිදු කිරීම.

ඩීසල් මිල ඉහළ යාම සහ නැප්තා භාවිතය පිළිබඳ තීරණ පිරිවැය කෙරෙහි සෘජුව බලපා ඇත.

පෙබරවාරි මාසයේ ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 23,151 ක පිරිවැය, මාර්තු අග වන විට රුපියල් මිලියන 18,630 ක් දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.

වාර්තාවට අනුව, 2026 අප්‍රේල්-ජූනි කාලසීමාව සඳහා මුළු විදුලි උත්පාදන පිරිවැය (නැප්තා සහිතව) රුපියල් මිලියන 111,450 ක් ලෙස පුරෝකථනය කර ඇත. මෙය පෙබරවාරි මාසයේ ඉදිරිපත් කළ රුපියල් මිලියන 78,069 ක ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු වැඩි වීමකි.

Previous Post Next Post