රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිල දත්තවලට අනුව, 2026 මැයි මස අගභාගයේදී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිවලදී පොලී අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
දින 91, දින 182 සහ දින 364 යන සියලුම පරිණත කාලසීමාවන් සඳහා පෙර වෙන්දේසියට සාපේක්ෂව බර තැබූ සාමාන්‍ය ඵලදා අනුපාතිකය 8.18% - 8.49% මට්ටමේ සිට 9.36% - 9.83% දක්වා ඉහළ ගොස් ඇත.
වසර 5, 12 සහ 20 කින් පරිණත වන බැඳුම්කර සඳහා කූපන් අනුපාතයට වඩා 11.86%, 12.32% සහ 12.93% වැනි ඉහළ සාමාන්‍ය ඵලදා අනුපාතයන් වාර්තා වී ඇත.
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර යනු රජය සිය අයවැය හිඟය පියවා ගැනීමට දේශීයව මුදල් ණයට ගන්නා ප්‍රධාන උපකරණ වේ. පොලී අනුපාත ඉහළ යාම යනු රජයට මෙම ණය සඳහා ගෙවීමට සිදුවන පොලී පිරිවැය ඉහළ යාමයි. මෙය රජයේ පුනරාවර්තන වියදම් වැඩි කරන අතර, රටේ ණය බර තවදුරටත් උග්‍ර වීමට හේතු වේ.
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාත යනු සමස්ත මූල්‍ය පද්ධතියේම "අවදානමෙන් තොර" මූලික මිණුම්දණ්ඩයි. මේවායේ පොලිය ඉහළ යන විට, වාණිජ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන ද තමන්ගේ තැන්පතු සහ ණය පොලී අනුපාත ඉහළ දැමීමට පෙළඹේ.
බැංකු ණය පොලී අනුපාත ඉහළ යාම නිසා ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට නව ආයෝජන සඳහා ණය ලබා ගැනීම අධික පිරිවැයක් සහිත කාර්යයක් බවට පත්වේ. එමෙන්ම, වාණිජ බැංකු වැඩි අවදානමක් සහිත පුද්ගලික අංශයට ණය දෙනවා වෙනුවට, වැඩි පොලියක් ලැබෙන අවදානමෙන් තොර රජයේ සුරකුම්පත්වල මුදල් ආයෝජනය කිරීමට පෙළඹේ. මෙයින් පුද්ගලික අංශයට ලැබෙන ණය ප්‍රමාණය සීමා වේ
ඉහළ පොලී අනුපාත හේතුවෙන් ව්‍යාපාරික ආයෝජන සීමා වීම සහ සාමාන්‍ය ජනතාව ණය පදනම මත පරිභෝජන භාණ්ඩ (උදා: වාහන, නිවාස ණය) මිලදී ගැනීම අඩු කිරීම සිදු කරයි. ආයෝජනය සහ පරිභෝජනය යන දෙකම පහළ යාම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මන්දගාමී වීමට ඍජුවම බලපායි.
රජයේ සුරකුම්පත් (බිල්පත් සහ බැඳුම්කර) මඟින් 9% - 12% වැනි ඉහළ, ස්ථාවර සහ අවදානමෙන් තොර ප්‍රතිලාභයක් ලැබෙන විට, ආයෝජකයින් අවදානම වැඩි කොටස් වෙළෙඳපොළෙන් තම මුදල් ඉවත් කර රජයේ සුරකුම්පත් වෙත නැඹුරු වේ. මෙයින් කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහත වැටිය හැකිය.



EPF අරමුධල මංකොල්ල කාපු මහබංකු අධිපති නාකි උඩුරැවුල් පොන්නලාල් වේස කම්බ හොරා ඉවක් බවක් නැතුව සල්ලි විනාස කර කර හොරාකනවා නාකි මලපෙරේතයා. ඕකාගේ කන පුපුරන්න ගහලා හම ගහලා ලුණු දලා ඕකාව වල්ලෙන් එල්ලලා තියපියවු ඕකට කාක්කෝ කොටන්න. කැරි බල්ලා.
ReplyDelete