දින­කට අලුත් ­වා­හන 1,826ක් මහ­පා­රට


 දින­කට අලු­තින් රථවාහන 1,826ක් මහා­මා­ර්ග­යට එකතු වන අතර එයින් 1,213ක් යතු­රු­පැදි වන අතර, මෝටර් රථ 386ක් දින­කට ලියා­ප­දිං­චිය සිදු වේ. ඒ අනුව සාමාන්‍ය වැඩ කරන වේලාව සලකා බැලුව හොත් පැය­කට යතුරුපැදි 210කට අධික සංඛ්‍යා­වක් ලියා­ප­දිංචි කරනු ලබන අතර, මෝටර් රථ 67ක් පමණ පැයක කාල­යක් තුළ අලු­තින් ලියා­ප­දිංචි කැරේ.

එමෙන්ම, මෙරට ඉති­හා­ස­ගත වාර්තා­වක් ලෙසින් එක් මාස­යක් තුළ වැඩිම විදුලි රථ­වා­හන ලියා­ප­දිංචි කර ඇත්තේ පසු­ගිය මාර්තු මාස­යේ­දීය. මාර්තු මස තුළ පම­ණක් අලු­තින් ලියා­ප­දිංචි කර ඇති විදුලි වාහන සංඛ්‍යාව 8,124 කි. ඒ අනුව, රාජ­කාරි දින­කට ආසන්න වශ­යෙන් විදුලි වාහන 370ක් අලු­තින් ලියා­ප­දිංචි කර තිබේ.

මේ වසරේ පළමු මාස 3 තුළ පම­ණක් ලියා­ප­දිංචි කර ඇති විදුලි වාහන සංඛ්‍යාව 15,488කි. එයින් වැඩිම වාහන අලු­තින් ලියා­ප­දිංචි කර ඇත්තේද පසු­ගිය මාර්තු­වේ­දීය. එමෙන්ම මේ වසර තුළදී වැඩිම වාහන අලු­තින් ලියා­ප­දිංචි කර ඇත්තේද පසු­ගිය මාර්තු මාස­යේ­දීය. මේ සංඛ්‍යාව 57,518කි. එහිදී ජන­වාරි මාස­යේදී රථ වාහන 55,237ක්ද පෙබ­ර­වා­යේදී රථ වාහන 51,613ක්ද අලු­තින් ලියා­ප­දිංචි කර තිබේ.

ත්‍රිරෝද රථ 10,945ක් සහ ද්විත්ව කාර්ය වාහන 2,169ක්ද මගී ප්‍රවා­හන බස් රථ 1,415ක්ද මාස 3ක කාලය තුළ අලු­තින් ලියා­ප­දිංචි කර ප්‍රවා­හ­න­යට එක් කර තිබේ. මීට අම­ත­රව, මේ වන විට වාහන අලෙ­වි­ස­ල්වල විශාල මෝටර් රථ සහ ද්විත්ව කාර්ය වාහන ගෙන්වා ඇති අතර විදුලි මෝටර් රථ සඳ­හාද විශාල ලෙස ඇණ­වුම් ලැබී තිබේ.

තාරක වික්‍ර­ම­සේ­කර

2 Comments

  1. ඩොලර් ටික කූඨ මාලිමා ජාවාරම්කාරයො හරහා රටින් පිටට, යකඩ ගොඩවල් පාරට

    ReplyDelete
  2. පාරක අඩිය තියන්න බෑ, ත්‍රීවිල් කාරයොයි බයික්කාරයොයි නිසා! පොදු ප්‍රවාහන දියුණු කරලා ඕව තවදුරටත් ව්‍යාප්තිය අඩු කරන එක මිනිසුන්ගේ ආරක්ෂාවට සහ සෞඛ්‍යයට වටිනවා

    ReplyDelete
Previous Post Next Post