පාකිස්ථානයේ නිරිතදිග බලුකිස්ථාන් පළාතේ අගනුවර වන ක්වෙටා හි සොල්දාදුවන් රැගත් දුම්රියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50 කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇත.
ඉරිදා දින එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බෙදුම්වාදී කණ්ඩායමක් වන 'බලුකිස්ථාන විමුක්ති හමුදාව' විසින් බාරගෙන තිබේ.
ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට වාර්තා කරන අල් ජසීරා සඳහන් කළේ, දුම්රිය මාර්ගයට යාබදව පිහිටි නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට ප්‍රහාරයෙන් දැඩි හානි සිදු වී ඇති බවයි.
පිපිරුමේ ප්‍රබලත්වය හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් පෙරළී ගොස් ගිනිගෙන ඇති බවද වාර්තා වේ. අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන දර්ශනවලින්ද දැවී ගිය වාහන සහ පෙරළී ගිය දුම්රිය මැදිරිවලින් කළු දුමාරයක් අහසට නැගෙන අයුරු දක්නට ලැබිණි.
වාර්තාවලට අනුව, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා ක්වෙටා හි රජයේ රෝහල්වල වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සියලුම වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සේවයේ රැඳී සිටින ලෙස නියෝග කර ඇත.
පාකිස්ථානය තුළ මෑත මාසවලදී බෙදුම්වාදී කණ්ඩායම් විසින් එල්ල කරන ප්‍රහාරවල කැපී පෙනෙන වර්ධනයක් සහ වඩාත් දරුණු ස්වභාවයක් දක්නට ලැබෙන බව මාධ්‍යවේදීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම, බලුකිස්ථානයේ ක්‍රියාත්මක වන බීජිං යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ඇති විරෝධය හේතුවෙන් එහි සේවය කරන චීන ජාතික සේවකයින්ද අඛණ්ඩව මෙම කණ්ඩායම්වල ඉලක්ක බවට පත්ව ඇත.
චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ චීනයේ ෂින්ජියැන්ග් කලාපය පාකිස්ථානයේ ග්වාඩර් වරාය සමඟ සම්බන්ධ කිරීමට නියමිතව තිබීම මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වී තිබේ.
X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.
"මෙවැනි බියගුලු ත්‍රස්තවාදී ක්‍රියාවලින් පාකිස්ථාන ජනතාවගේ අධිෂ්ඨානය බිඳ දැමිය නොහැකියි. ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් සහමුලින්ම තුරන් කිරීමේ අපගේ ස්ථාවරයේ අපි නොසැලී සිටිමු" යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ලන්කාවේ ඉන්න ඩෝබිලා ටික පාකිස්තානෙට යවමු බෝම්බ ගහපු අන්තවාදියෝ ටික හෝදන්න.
ReplyDeleteCIA, MOSSARD,MI6 at work to undermine BRICS progress. They are only trying to delay the inevitable. i.e. the dawn of new multi-polar world.
ReplyDeleteනාසිවාදී මිත්‍යා දෲශ්ඨික මිනීමරැවන් සිදුකරනා පාස්කු ප්‍රහාර පකිස්තානුවන්ටත්,..
ReplyDelete