විදුලි ගාස්තු සියයට 25කින් පමණ ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වී ඇති නිසා 2026 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි එම සංසදය පවසයි.
ඇනවුම් පහළ යාම: ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් දේශීය ඇඟලුම් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ ලැබෙන ඇනවුම් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ මහතා ප්‍රකාශ කරයි.
අපනයනයෙන් උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රජයට සහ විදුලිබල සමාගම් වෙත ගෙවීමට සිදුවීම මීට හේතුවයි.
මේ නිසා ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ලක්ෂ තුනහමාරක් (350,000) පමණ වන සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීම් සහ ප්‍රසාද දීමනා ලබා දීම බරපතළ ලෙස දුෂ්කර වී ඇත.
පවතින මෙම අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම පවා දැඩි අභියෝගයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Okkoma factory Indiyawata genagiya nam harine. Ehe vduliya nikan denda yanawa kiyala kathawakuth thiyenawane. Adu padi, adu badu, adu viduliya.
ReplyDeleteමොන ඇඟලුම්ද? මේ ආණ්ඩුව ආවේ ඇඟලුම් වලින් රට ගොඩ දාන්න නෙවෙයි. අපේ පිට රට ඩෝබියෝ මාසෙට $500 ගානේ එවනවා. ඒ ඇති.
ReplyDeleteගල් අඟුරු වලින් මාලිමාවේ සෙට් එක ගොඩ ගිහින් ඉන්නෙ. දැන් ඔය ලබ්බවල් කරත් එකයි නැතත් එකයි. තව ඡන්ද 50-60ක් ගොඩ දාන්න සල්ලි තියෙනව දැන්. පල්ලියත් අල්ලගෙනනේ ඉන්නෙ. ඉතින් ගොඩම තමයි.
ReplyDelete