බාන්න බැරුව ගල් අඟුරු නැව් දෙකක් කොළඹ වරායේ හිරවේ.. ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් 60,000 බැගින්..


 නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු රැගෙන පැමිණි නැව් දෙකක් ගොඩබෑමට නොහැකිව කොළඹ වරායේ නැංගුරම් ලා තිබීම හේතුවෙන් රජයට දිනකට ඇමරිකානු ඩොලර් 60,000 ක අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අනාවරණය කරයි.

පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් මෙම නැව්වල පවතින ගල් අඟුරු තොග ගොඩබෑමට බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් රටේ වටිනා විදේශ විනිමය විශාල වශයෙන් විදේශීය සමාගම් වෙත ගලා යන බව ඔහු පෙන්වා දෙයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි අනවශ්‍ය ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම බරපතල ගැටලුවක් බවත්, නිසි සැලසුමකින් තොරව මෙලෙස කටයුතු කිරීම හේතුවෙන් අවසානයේ මෙම පාඩුව විදුලි පාරිභෝගික ජනතාව මත පැටවෙන බවත් මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු බවත්, ජනතාවගේ බදු මුදල් මෙලෙස අපතේ යාම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

3 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 27, 2026 at 6:14 AM

    නෑ මේ විදියේ ප්‍රමාද ගාස්තු රජයෙන් ගෙව්වත්, ඒවා නැවත රජයට reimburse කර ගන්ඩ පුළුවන්, ආණයන රක්ෂණ විසින් ගෙවීම් කරණවා මේ එන නැව් හැම එකකටම හදිසි ආපදා අවස්ථාවකදී ප්‍රමාද දෝෂයක් සිදු වුණොත් ඒක cover වෙනවා. (මේක හරියට ගුවන් ගමන් වලදී මඟීන්ට තිබෙන රක්ෂණය හා සමාණයි. රක්ෂණය අර ගත්ත අය ට transit එකකදී ප්‍රමාදයක් වුණොත් සේරම hotel fees, flight rescheduling fees රක්ෂණ ආයතනයෙන් ගෙවනවා.) ඒ රක්ෂණ කටයුතු කරන්නේ විදේශ රක්ෂණ සමාගම් වලින්, ඒ සමාගමුත් ප්‍රතිරක්ෂණය (reinsurance) කරලා තියෙනවා, ඒ නිසා එම ගෙවීම් කිසිම විදියකින් මඟ නොහැරී ලැබෙනවා. බොර දියේ මාලු බාන්ඩ බලන් ඉන්න සුන් බුන් විපක්ෂයට වෙන ටොපික් එකක් හොයා ගන්ඩ වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ ගොන් කතා. මී හරකො ප්‍රමාද ගාස්තු ගෙවන්නෙ බඩු ඇනවුම්කරු මිස රක්ෂණ සමාගම් නොවේ.

      Delete
  2. රක්සනපසමාගම් බලන් ඉන්නෙ කියපු ගමන් ගෙවන්න නෙවෙයි. මොනව හරි ක්‍රමේකට නොගෙව ඉන්න. මෙතන වෙන්නෙ නැව ප්‍රස්නයක් නැතුව ඇවිල්ල අපිට ගොඩ බාගන්න බැරි එකට එයාල ගෙවන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post