හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාලසක අධ්‍යාපනය ලබන 7 හැවිරිදි පාසල් සිසුවෙකු හැටන් බස් නැවතුම්පොළේදි ලංගම වේලා සටහන්කරු මාර්ගයෙන් (27) දින හැටන් පොලිසිය වෙත භාර දී ඇත.
එම සිසුවා තම දෙමව්පියන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, දෙමව්පියන් බැලීමට බස් රථයෙන් කොළඹ දක්වා යෑමට හැටන් බස් නැවතුම්පො වෙත තමන් පැමිණි බවත්, කොළඹ යෑම සදහා තම ලොකු අම්මා මුදල් ලබා දුන් බව එම සිසුවා විසින් හැටන් බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුට පවසා ඇත.
ඒ පිලිබදව සැක සිතූ හැටන් බස්නැවතුම්පොලේ වේලාසටහන්කරු සිසුවාට කොළඹ දක්වා යෑමට ඉඩ ලබා නොදී සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත දැනුම්දීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් වෙත වේලා සටහන්කරැවා විසින් අදාළ සිසුවා භාර දී ඇත.
පොලිසියේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, හැටන් බස් නැවතුම්පොළේදි තමන් භාරයට ගැනුනු සිසුවා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කර එම සිසුවා නිසි දෙමව්පියන් වෙත භාර දිමට කටයුතු කරන බව එම නිළධාරියා පැවසීය.
- රංජිත් රාජපක්ෂ

Hats Off to the time keeper . A fatherly figure.
ReplyDelete