රුමේනියා රටෙහි විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින්ගේ මුදල් ලබා ගෙන එකී මුදල් වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාවද්‍ය පරිහරණය කල Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විර්මශන අංශය මඟින් විර්මශන සිදු කරමින් පවතී.
සිදු කරන ලද විර්මශනයේදී පුද්ගලයින් 750 ක පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම වංචාවට අදාලව එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කල සැකකාරියකට විවෘත වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි
සැකකාරියගේ විස්තර
- නම:- ෂර්ලි ජයර්වධන අමදෝරු
- වයස:-අවුරුදු 54
- ලිපිනය :- අංක, 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගම
- ජාතික හැදුනුම්පත් අංකය :-716032531V
සැකකාරියගේ ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර, සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක -
- ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විර්මශන ඒකක 01 - 071-8594910
- අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව - 011-2444172

හැකරුන්ගෙ පිටදාල භාණ්ඩාගාරයෙන් කෝටි80 ක් පන්නපු එකා අල්ලන්නෙ නැද්ද?
ReplyDeleteමට හැකරුන් නැත. මා භාණ්ඩාගාරයක හිමි කරුවෙක්ද නොවේ. (පැලවත්ත මිස)
Deleteසැකකාරියට නවාතැන් හෙම අවශ්‍යද දන්නෑ...
ReplyDeleteපැලවත්තෙද
Delete71 ඉපදුනා නම් 88-89 ජවිපෙ කාලෙ වයස 18 යි. මේකිත් මාලිමාවෙ/ජවිපෙ බල කණුවක් වෙන්න ඕනෑ. උන් තමයි කෝටි ගණන්වලින් ජනතාවට කෙළින්නේ.
Deleteපැලවත්තේ හුලං :)
Deleteවයස වැරදි. ජාතික හැඳුනුම්පත් අංකයේ මුල් ඉලක්කම් දෙක 71 කියන්නේ ඉපදුන අවුරුද්ද. එතකොට 2026 අඩුකිරීම 1971 = 55.
ReplyDeleteනැහැ ගොනෝ එකී ඉපදිලා තියෙන්නේ 1971 December මාසෙලු
Deleteඔයවගේම ගැනියෙක් ඉන්නවා රෙමෙකා ට්‍රැවල්ස් කොහුවල ආයතනේ. එතන වැඩකරන අයට පදිවත් ගෙවලා නැහැ. අතුකෝරලගේ කුමුදුනි රේණුකා පෙරේරා කියලා ගැනියෙක් ඉන්නේ. එයා ඇමෙරිකාවේ හොර පාස්පෝර්ට් එකකින් ගිහින් අහුවෙලා එහෙ හිරේ දාලා ලංකාවට පිටවහල් කරපු ගෑනියෙක්. ගැනියි මිනිහයි එකතුවෙලා මිනිස්සු රටයවනවා කියලා දැනට වසර 13කට විතර ඉස්සෙල්ලා සල්ලි කෝටි ගානක් අරගෙන දෙන්නම රට පැන්නා. දැන් හොර කසාදයක් කරගෙන වාසගම මාරුකරගෙන ඉන්නේ. තවම මාරවිල උසාවියේ නඩු 20ක් විතර තියෙනවා. ඒවා වරෙන්තුවෙලා සිර දඬුවමුත් දීලා තියෙන්නේ. ගෑනි පොලිසිය අල්ලාගෙන ඉන්න නිසාත් පොලිසියේ ලොක්කෝ එක්ක සංසර්ගයේ යෙදෙන නිසා නඩු නැහැ
ReplyDeleteඅතුකෝරලගේ කුමුදුනි රේණුකා පෙරේරා යන නමින් පොදු සමාජයේ හෝ දේශපාලනයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා නොවේ. කෙසේ වෙතත්, 2022 මැයි මාසයේ පැවති රජයට එරෙහි විරෝධතා සහ අරගල සම්බන්ධ සිදුවීම්වල විමර්ශන සඳහා විදෙස් ගමන් තහනමකට ලක්වූ පුද්ගලයන් අතර 'රේණුකා පෙරේරා' නමින් දේශපාලනඥවරියක් (හිටපු පළාත් සභා මන්ත්‍රීවරියක්) [Wikipedia] සහ සම්පත් අතුකෝරල [Wikipedia] යන අයගේ නම් සඳහන් වේ.
Deleteමාලිමාවෙන් කොළඹට චන්දෙ ඉල්ලල දැන් නවසීලන්තයට පැනල ඉන්නෙ
ReplyDelete