දුම් දමන වාහන Black List කරයි...


අධික ලෙස දුම පිටවන වාහන හඳුනාගෙන ඒවාට නඩත්තු නියෝග නිකුත් කිරීමෙන් පසුව ද, එම නියෝග පැහැර හරින වාහන අසාධු ලේඛනගත (Blacklist) කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  

මෙලෙස අසාධු ලේඛනගත කෙරෙන වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී සහ අනෙකුත් ලිපිලේඛන කටයුතු සිදු කිරීමේදී දැඩි බාධාවලට මුහුණ දීමට හිමිකරුවන්ට සිදුවේ.  

වාහනයකින් කළු දුම පිටවීම හුදෙක් කාර්මික දෝෂයක් පමණක් නොව, එය පරිසරයට සහ අනාගත පරපුරට සිදු කරන අපරාධයක් බැවින් වහාම වාහන නඩත්තු කිරීමට පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. 

පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ සහ කටුගස්තොට ප්‍රදේශ කේන්දු කරගනිමින් ජංගම දුම් පරීක්ෂණ මෙහෙයුමක් මෙම මස 06 වැනිදා සිට 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරිණි.  

එහිදී අධික ලෙස දුම පිටවන වාහන හඳුනාගෙන ඒවාට වහාම ක්‍රියාත්මක වන පරිදි 'නඩත්තු නියෝග' නිකුත් කිරීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල පියවර ගෙන තිබේ.  

පරිපාලනමය වෙනස්කම් හේතුවෙන් මන්දගාමී වී තිබූ 'මාර්ගස්ථ දුම් පරීක්ෂාව' මෙම මාසයේ සිට යළිත් දිවයින පුරා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ලබයි.

2 Comments

  1. අපි දන්න තරමට දුම් සහතිකය ගන්න ඕන කාර් සහ වෑන් වළට පමනයි. ලොරි සහ බස් වලට අදාල නීතිය වලංගු නැහැ, එහෙම නැත්නම් ඒවා නොසලකා හැරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ ලොරි, බස් වලින් එන දුම් ශරීරයට අහිතකර නැති නිසාද. මේ නීතිය පටන් ගන්න කොටම බස්, ලොරි සහනයක් කාලයකට දුන්නද ඒවා නොසලකා හැර ඇති බව පෙනේ. අනෙක් කාරණය ප්‍රසිද්දියේ දුම් බීම තහනම් කර තිබියදී ඒවාද කඩ කරමින් සිටි. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි අපට ප්‍රශ්නයකි.

    ReplyDelete
  2. එහෙනම් දුම් සහතිකවලින් වැඩක් නෑනෙ. වහල දාපල්ලා දුම් පරීක්ශා ස්ථාන

    ReplyDelete
Previous Post Next Post