ඇප ලැබුණත් සුරේෂ් සලේගේ ජීවිතයත් අනතුරේ...


 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ රටේ නීතිය පසිඳලීම නිවැරදිව හා සාධාරණව සිදුවන්නේ නම් කිසිවෙකුට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු නොවන බවයි.

මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණය මෙන්ම කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය ද බැලූ බැල්මට සියදිවි නසා ගැනීමක් ලෙස පෙනෙන්නට තිබුණ ද, ඒ පිළිබඳව බරපතළ සැක සංකා සමාජය හමුවේ පවතින බව ඔහු පෙන්වා දෙයි.

යම් චෝදනාවක් එල්ල වූ පමණින් කෙනෙකු සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නැති බවත්, ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ක්‍රියාදාමය හේතුවෙන් රටවැසියන් දැඩි අනාරක්ෂිත මානසිකත්වයකට ඇද දමා ඇති බවත් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ බුද්ධි අංශ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වැනි පුද්ගලයන්ගේ ජීවිත කෙරෙහි ද බරපතළ අවදානමක් මතු විය හැකි බව හිටපු අමාත්‍යවරයා අනතුරු අඟවයි.

"සුරේෂ් සලේ වැනි කෙනෙක් එළියට ආවොත් ඔහුට හිමිවන ආරක්ෂාව මොන වගේ වෙයිද? ඔහුට ඇප ලැබුණත් මොනවා වෙයිද කියන සැක සංකාව මේකෙන් මතු වෙනවා" යැයි වීරවංශ මහතා පවසයි.

රජයක මූලික වගකීම රටවැසියාගේ ආරක්ෂාව සැලසීම වුවද, වත්මන් ආණ්ඩුව එම වගකීම පැහැර හරිමින් සිටින බවට ඔහු චෝදනා කරයි.

ආර්ථිකය පාලනය කරගත නොහැකිව රුපියල වේගයෙන් අවප්‍රමාණය වන අතරතුර, ආණ්ඩුව හිරේ දැමිය යුතු පුද්ගලයන්ගේ ලැයිස්තු කියවමින් කාලය නාස්ති කරන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කර ඇති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට විපක්ෂයේ බොහෝ පිරිසක් සූදානමින් සිටින බවත්, තමා ඒ සඳහා පෞද්ගලිකව සහභාගී වන්නේ ද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

5 Comments

  1. කතාව ඇත්ත!

    ReplyDelete
  2. කෙස් පැලෙන තර්ක වැඩක්ම නෑ. කපිල චන්ද්‍රසේන උසාවියට දුන්න දිව්රුම් ප්‍රකාශයේ හයවෙනි ඡේදය බැලුවනම් කවුද මැරුවෙ කියල ලේසියෙන්ම සොයාගන්ඩ පුලුවන්.

    ReplyDelete
    Replies
    1. Yes palena 6veni chede vadak nehe Gavya.
      Punchage anduwata Barida rajaye sakki karaya reka ganna.
      Kota Minata kadegiya .mama harida.
      Sevala jeppo

      Delete
  3. කතාව ඇත්ත.එතුමාව හිරේදී මරන්න බෑනෙ. ආව හැටියෙ ශොට් එක දෙනවා. තාජුඩීන් ව මැරුවෙත් හුන්ඩුවාලා තමයි.

    ReplyDelete
    Replies
    1. Ehuma. ane bn. bath da kanne

      Delete
Previous Post Next Post